2024 පෙබරවාරි 10, පෙ.ව. 12:06
            
මීට වසර දෙකකට ඉහතදීත් 2023 වසරේදීත් සනත් නිශාන්ත අමාත්‍යවරයා ගමන් ගත් මෝටර් රථය අනතුරකට ලක්වුනා.එම අනතුරු එතරම් දරුණු අනතුරු නොවුනත් ඔහුට හාස්කමකට වගේ ජීවත් වෙන්න වාසනාව ලැබුනා.
එනිසා මොහු බොහෝ අවස්ථාවන්වලදී මට පණ හතක් තියෙනවා කියලා ප්‍රසිද්ධියේ කියන්න පටන් ගත්තා.ජීවිතය නැතිවෙන්න ගිහිනුත් ජීවිතේ බේරුණු නිසා ඔහු ඒ විදිහට කතා කරන්න ඇති.
හැබැයි අවාසනාවකට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජල සම්පාදන රාජ්‍ය ඇමති ලෙස කටයුතු කළ සනත් නිශාන්ත මහතා පසුගිය දවසක කටු නායක සිට කොළඹ බලා එන ගමන් මගේදී අධිවේගී මාර්ගයේදී බිහිසුණු අනතුරකට ලක්වෙලා ජීවිතෙන් සමුගත්තා.
ඇත්තටම මේ සිද්ධිය නිසා සනත් නිශාන්තගේ ආදරණීය බිරිඳ සහ දරුවන් හතර දෙනාම අද වෙද්දී තනිවෙලා දුකින් තමයි ජීවිතේ ගත කරන්නේ.
කෙසේ නමුත් නොහිතපු වෙලාවක මේ ලැබුණු නරක ආරංචිය සනත් නිශාන්ත මහතාගේ ආදරණීය බිරිඳ දැනගත්තේ කොහොමද ඒවගේම ඒ පණිවිඩය දරුවන්ට කිව්වෙ කොහොමද කියලා අහපු අවස්ථාවකදී ඇය ඒ සිදුවීම් සම්බන්ධයෙන් පුවත්පතකට කියලා තිබ්බෙ මේ වගේ කතාවක්.
“ඇමතිතුමාගේ වාහනය ඇක්සිඩන්ට් වෙලා එයාව රාගම රෝහලට අරගෙන ගියා කියලයි මට ආරංචිය ආවේ. ඒත් ඒක මෙච්චර ලොකු අනතුරක් කියලා මම හිතුවේ නෑ. ඒත් මම රෝහලට ගියා. අනේ ඒ යද්දිත් ඔහු නැතිවෙලා.දරුවන්ට ඒ පණිවිඩය වෙනස් කෙනෙක් ලව්වා කියනවට වඩා මමම කියන එක හොඳයි කියලා හිතුනා. පස්සේ මං අමාරුවෙන් හිත හදාගෙන ඔයාලගේ අප්පච්ච නැති වෙලා කියලා අමාරුවෙන් එයාලට කිව්වා. ඒ වෙලාවේ එයාලට ඒ දුක දරාගන්න බැරි උනා.සිද්ධිය වුණ දවසේ පාන්දර එකයි කාලට කෝල් කරලා අම්මා මම වෙඩින් එකෙන් පිටත් උනා මං පැයෙන් ගෙදර කියලා කිව්වා. මං බලාගෙන හිටියත් ඒ වෙලාවට ආවේ නෑ. ඒ නිසා මං ආයේ එයාට කෝල් එකක් ගත්තත් ෆෝන් එක වැඩ කළේ නැහැ. ඉතින් මම හිතුවේ නිදි ඇති කියලා”
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25