2025 මැයි 20, පෙ.ව. 12:08
මේ දවස් ටිකේම අපිට අහන්න දකින්න ලැබුනේ හරිම සංවේදී කතා ගොඩක්.
මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්.ඇය තරුණියක්.ඒ වගේම මවක් වෙන්න බලාපොරොත්තු ගොන්නක් හිතේ තිබ්බ ආදරණීය තරුණියක්.
ඇයට ඉපදෙන්න හිටියේ නිවුන් දරුවන්.ඇය කුස තුළ දරු ගැබවල් දෙකක් දරාගෙන සිටිය ආදරණීය මවක්.
හැබැයි අවාසනාවකට මේ දිනවල සීඝ්රයෙන් පැතිරී යන ඩෙංගු රෝගී තත්ත්වයට ඇය ගොදුරු වුණා.
එහි ප්‍රතිඵලයක් වශයෙන් කොතෙක් ප්‍රතිකාර කළත් සාර්ථක නොවුනු ඇයට මේ ජීවිත ගමන අතහැර යන්න සිද්ධ වෙනවා.
ඒ මේ ලෝකෙ එළිය දකින්නවත් වරම් නොලබපු ඒ ආදරණීය කිරි කැටයන් දෙදෙනාත් සමඟයි.
ඉතින් ඇයගේ මේ වියෝව ගෙදර අය පවුලෙ අය කොහොම දරා ගන්නවද කියලා හිතාගන්නත් අමාරුයි.
ඇයගේ සැමියා විසින් සංවේදී සටහනක් සිය මුහුණුපොතට එකතු කර තිබුණේ මෙලෙසයි.
2016 ඔයාව මුලුන්ම දැක්කේ විශ්වවිද්‍යාලයේ බේස් කෑන්ටීන් එකේ. ඒ වෙලාවෙ මම හිතුවේ නැහැ ඒ හමුවීමෙන් මෙතරම් අරුතක් තියෙන සබඳතාවක් පටන් ගන්න කියලා. අපි යාළුවො වෙලා ආරම්භ කළා. සරල කතා, සිනාසෙරුණු මතක, සහ එකිනෙකාට උදව් කිරීමත් එක්ක අපේ සබඳතාවය දිගටම ලස්සන වුණා.
2017දි අපේ ආදර කතාව පටන් ගත්තා. අපි එකට ජීවිතේ දිහ
බලන්න පටන් ගත්තා. සතුටු මොහොතවලදීම නොවෙයි, දුකේදිත් එකට හිටියා. බොහෝ අභියෝග මුහුණ දුන්නා, ඒ හැමදේම එකට මුණගැහුණා.
2022 දෙසැම්බර් අපේ ජීවිතේ විශේෂ දවසක්. අපි විවාහ වෙලා එකට පවුලක් හැදුවා. ඒ වෙලාවෙ අපේ හීන සැබෑ වුණා. සතුටින් පිරුණු ජීවිතයක් ගෙවන්න පටන් ගත්තා.
නමුත්… 2025දී ඔයා අපි හැමෝම හැර ගියා.
අදටත් මට මේක සිහිනයක් වගේයි. මට තවමත් විශ්වාස කරන්න බෑ ඔයා නැතිවී ගියා කියලා. ඔයා නැතුව අනාගතය ගැන හිතන්නවත් බෑ. හැමදේම කළේ ඔයා වෙනුවෙන්, අපේ පුංචි දරුවන් දෙදෙනා වෙනුවෙන්. දැන් ඒ හැමදේම බිඳී වැටුනා. මට වචන නැහැ ඒ හැගීම කියන්න.
ඔයා හොඳම යාළුවෙක්, ආදරණීය බිරිඳක්, දයානුකම්පාවෙන් පිරි අම්මෙක්
ඔයා මට දුන්නා ආදරය, ආරක්ෂාව, සහ ශක්තිය ඒ හැමදේටම ස්තුතියි.
මට විශ්වාසයි ඔයාත් අපේ පුංචි කොලු පැටව් දෙදෙනාත් එක්ක උඩ ඉදන් බලන් ඉන්නවා කියලා.
ජීවිතය තාවකාලිකයි. අපට හෙට ගැන දැනගන්නත්, තීරණය කරන්නත් බැහැ.
නමුත් මේ ආදරය, මේ සබඳතාව ඒක සදාකාලිකයි.
ඔයාට ස්තුතියි හැමදේටම.
2025 මැයි 20, පෙ.ව. 12:22
2025 මැයි 20, පෙ.ව. 12:05
2025 මැයි 20, පෙ.ව. 12:05
2025 මැයි 20, පෙ.ව. 12:05
2025 මැයි 19, ප.ව. 12:51
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25