hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 14, ප.ව. 3:16



සංගීතා වීරරත්නව විශේෂයෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ.

මෙරට සිනමාවේ නොකඩවා දිලිසුණු අවසන් තාරකාව ලෙස සංගීතා වීරරත්න හඳුන්වන්න පුළුවන්.

ඇයට පසුව සිනමාවට අවතීර්ණය වුණු කිසිදු තාරකාවක් නොකඩවා වසර ගණනාවක් තම තරු ගුණය පවත්වාගෙන ගිහින් නැහැ.

සංගීතා රංගනයෙන් මදක් ඈත් වුවද එදා වගේන්ම අදත් තම ජනප්‍රියත්වය එක ලෙස පවත්වාගෙන යන නිරන්තරයෙන් නවක තරු අගයන, ඔවුන්ට දිරි දෙන ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක්. 

ඇය විවාහ වෙලා ඉන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරික රොෂාන්ත කාරියප්පෙරුම සමග.

සංගීතා දැන් ලොකු දුවෙක් ඉන්න අම්මා කෙනෙක්.

ඇගේ දියණියගේ නම පෝෂියා කාරියප්පෙරුම.

ඉතින් ඊයේ සංගීතා සිය උපන්දිනය ජයටම සමරලා තිබෙනවා.

එම ජායාරූප එකතුව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: