2024 මැයි 01, පෙ.ව. 12:04
සංජානා ගමාරච්චි කියන්නේ රංගන ශිල්පිනියක් විදිහටත් නිවේදිකාවක් විදිහටත් ඉතාමත් කෙටි කාලයකින් ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය වෙච්චි කලාකාරිනියක්. ඇය සම්බන්ධයෙන් කතාකරද්දී ඇය නිතරම ඕස්ට්‍රේලියාවට යනවා. ලංකාවේ කලා කටයුතු කරන ගමන් තමයි ඇය මේ විදිහට විදෙස් ගත වෙන්නේ.
ඇය මේ විදිහට නිතරම ඕස්ට්‍රේලියාවට යන්නේ ඇයගේ ආදරණීය සැමියා ඔස්ට්‍රේලියාවේ රැකියාව කරන නිසයි.සංජානිගේ ආදරණීය සැමියා විහඟ ඔවුන් දෙදෙනා මීට ටික කාලෙකට කලින් විවාහ ගිවිස ගත්තා.හැබැයි තාම වෙඩින් එකක්නම් අරගෙන නෑ.වෙඩින එක ගත්තට පස්සේ සංජානත් ඔහුත් එක්කම ඕස්ට්‍රෝයිලියාවේ පදිංචියට යන්න තමයි හිතාගෙන ඉන්නේ හොඳ නිර්මාණ කටයුත්තක් ආවොත් ඇය ඒ සඳහා සහභාගී වෙනවා කියලා සඳහන් කරලා තිබ්බා. ඉතින් විවාහ උත්සවය ගන්න බලාපොරොත්තු වෙන ආකාරය පිළිබඳව ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.
“අපි විවාහ ගිවිස ගෙනත් දැන් ටික කාලයක් වුණා. මේ අවුරුද්දෙ වෙඩින් එක ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. දින වකවානු දෙකක් ලැබිල තිබුණත් විහඟගේ නිවාඩු ලබා ගැනීමේ ගැටලුව තමයි දැනට තියෙන්නේ. ඒක සෙට්ල් වුණ ගමන් හරියටම දිනය කවදද කියල තීරණය කරනවා. මෙහේ ඉතින් ෂූටින් යන්නත් නෑ. ලොකු වගකීමකුත් නැති නිසා හොඳට කාල බීල, නිදාගෙන සතුටින් කාලය ගතකරනවා. කොහොමත් මට ලංකාවෙ ආශ්‍රය කරන්න ගොඩක් නෑදෑයොත් නෑ. යාළුවො එක්ක වීඩියෝ කෝල්වලින් කතා කරනවා. නිතරම ලංකාවට එන නිසා ලංකාවෙන් ඈත් වුණා කියලා තාම ලොකුවට දැනෙන්නෙ නෑ. මට ගැළපෙන නිර්මාණයකට ආරාධනා ලැබුණොත් අනිවාර්යයෙන්ම ඇවිත් ඒකට දායක වෙනවා. එහෙම නැති වුණොත් ආයෙම වෙඩින් එක ගන්න බලාගෙනම තමයි ලංකාවට එන්නේ.“
2025 අගෝස්‍තු 27, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 27, පෙ.ව. 12:03
2025 අගෝස්‍තු 26, පෙ.ව. 12:08
2025 අගෝස්‍තු 26, පෙ.ව. 12:03
2025 අගෝස්‍තු 25, පෙ.ව. 12:10
27-08-25
27-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25