2025 පෙබරවාරි 22, පෙ.ව. 12:13
ඔවුන් දෙදෙනා කලක සිට දැන හඳුනන අය බවට සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබෙනවා..
ඒ ගැන තොරතුරු සැලවූ වහාම බොහෝ දෙනෙක් සෙවූ ඡායාරූප දැන් මාධ්‍යට නිකුත්වී තිබුණා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්..
මෙම ඝාතනය සිදුකළ නීතිඥවරයෙකු ලෙස වෙස් වලාගත් වෙඩික්කරු සහ නීතීඥවරියක ලෙස වෙස් වලා ගත් අදාළ කාන්තාව පිළිබඳව මේ වනවිට ආරක්ෂක අංශ තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා..
වෙඩික්කරු වන සමිඳු දිල්ශාන් පියුමංග හෙවත් කමාන්ඩෝ සමිඳු නැමැත්තා මහරගම ප්‍රදේශයේ ත්‍රී රෝද රථ රියැදුරෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා..
මීට වසර 2කට පමණ ඉහතදී ඔහු අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වී ඇති අතර එලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන තවත කණ්ඩායමක් මාර්ගයෙනුයි ඔහුට කෙසෙල්බද්දර පද්මේ නැමැත්තාගේ සමීපතමයෙකු වූ අවිශ්ක නැමැති පුද්ගලයා මුණ ගැසී ඇත්තේ..
කලක් ඔහු සමඟ සබඳකම් පැවැත්වූ කමාන්ඩෝ සමිඳුට මෙම ඝාතනයට හවුල් වූ මිනුවන්ගෝඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාව මුණ ගස්වා ඇත්තේද අවිශ්ක නැමැති එම පුද්ගලයා විසින්..
ඝාතනයට හවුල් වී දැනට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි නැමැති අදාළ කාන්තාවද කෙසෙල්බද්දර පද්මේ නැමැත්තාගේ අයිස් මත්ද්‍රව්‍ය අලෙවි ජාලයට සම්බන්ධ බවටත් තොරතුරු හෙළිවී තිබෙනවා..
වෙඩික්කරු සහ අදාළ කාන්තාව අතර සමීප ඇසුරක් කලක පටන් පැවැති අතර ඔවුන් රැඳී සිට ඇත්තේද මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි මෙම නිවසේ බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ..
ඝාතනය සිදු කිරීමට පෙර අවස්ථා කිහිපයකදී සැකකරු සහ එම කාන්තාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ භූමියට පැමිණ ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා..
ඝාතනය සිදු කර ඔවුන් අලුත්කඩේ සිට මීගමුව තෙක් පලා ගොස් ඇති අතර මීගමුවේ සිට වෙඩික්කරු වෑන් රථයකින් පුත්තලම දෙසට පළා ගොස් තිබුණා..
2025 පෙබරවාරි 20, පෙ.ව. 12:04
2025 පෙබරවාරි 19, පෙ.ව. 12:10
2025 පෙබරවාරි 18, පෙ.ව. 10:31
2025 පෙබරවාරි 18, පෙ.ව. 12:10
2025 පෙබරවාරි 17, පෙ.ව. 12:28
22-02-25
22-02-25
21-02-25
21-02-25
21-02-25
21-02-25
21-02-25
21-02-25
21-02-25
21-02-25
21-02-25
21-02-25
21-02-25
21-02-25
21-02-25
21-02-25
20-02-25
20-02-25
20-02-25
20-02-25
20-02-25
20-02-25
20-02-25
20-02-25