2024 පෙබරවාරි 01, පෙ.ව. 12:01
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකපිට අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගත් 21 හැවිරිදි තරුණයෙක් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
පොලීසියට රැගෙන යනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයක සිටි ඔහුගේ මරණය සැකසහිත බවටයි ඥාතීන් චෝදනා කරන්නේ.
21 හැවිරිදි සනුක ගිහාන් අනුරාධපුර දෙවන පියවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සනුකගේ මව විදෙස්ගතව සිටින අතර පියා කොළඹ රැකියාවක නිරත වනවා. එම නිසා සනුක සිටින්නේ සිය නැන්දනිය භාරයේයි.
ඊයේ උදෑසන 9.15ට පමණ අනුරාධපුර මූලස්ථාන පොලීසියේ විශේෂ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් පැමිණ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකපිට සනුක සමඟ තවත් තරුණයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණා.
පසුව පස්වරු 3.00ට පමණ පොලිසිය ඥාතීන්ට පවසා ඇත්තේ සනුක මියගිය බවයි.
අනුරාධපුර පොලීසිය පවසන්නේ සිරමැදිරිය තුළ සිටියදී හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම තරුණයා මියගිය බවයි.
කෙසේ වෙතත් මෙම හදිසි මරණය සැක සහිත බවයි තරුණයාගේ ඥාතීන් පවසන්නේ.
2025 දෙසැම්‍බර් 29, පෙ.ව. 12:13
2025 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:25
2025 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:09
2025 දෙසැම්‍බර් 27, පෙ.ව. 12:12
2025 දෙසැම්‍බර් 27, පෙ.ව. 12:09
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
28-12-25
28-12-25
28-12-25
28-12-25
28-12-25
28-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
26-12-25
26-12-25