2025 ජූනි 20, පෙ.ව. 12:05
මේ දවස්වල බොහෝමයක් දෙනාගේ මුවඟ මිමිණෙන වචන ටික,
”ඉතින් මම ඉන්නවා..
අසල්වැසි තාරුකා මඬලේ..”
ඒ තමයි සනුකගෙ අලුත්ම සිංදුව “ඉතින් මම ඉන්නවා”
සිංදුව එළියට ආ හැටියේම ඊට ලැබුණේ, ඉමහත් රසික ආදරයක්. කවුරුත් මේ අපූරු ගීතය ආදරයෙන් වැළඳගත්තා.
නමුත් ඒ ලංකාවේ විතරක් නම් නෙවෙයි….
“ඉතින් මම ඉන්නවා” මේ වෙද්දි, ඔස්ට්‍රේලියාවේ Youtube Trending ලිස්ට් එකටත් ඇවිත්.
ඒ ගැන සනුක සටහනකුත් තබා තිබුණා.
”මගේ අලුත්ම සිංදුව “ඉතින් මම ඉන්නවා” Australia වේ Youtube Trending for Music වල අංක 17 ට ඇවිත් තිබුනා දැක්කා.
හරිම සතුටුයි. Australia වේ ඉන්න මේක on repeat අහන ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ අයියලා අක්කලා නංගිලා මල්ලිලා නැන්දලා මාමලා ඔක්කොටම Thank you”
“ඉතින් මම ඉන්නවා” කියන්නේ සනුකගේ ම හඬ, පද සහ සංගීතය මුහුවුණු නිර්මාණයක්.
ගීතයේ රූප රචනයටත් ඉහළ ප්‍රතිචාරයක් ලැබෙමින් පවතිනවා.
හදවතට සමීපව දැනෙන හඬ, පද සහ සංගීතයට රූපමය වටිනාකමක් එක්කාසු කරන්නේ චන්ද්‍රලේඛා පෙරේරා, ධනුෂ්ක ඩයස් සහ කුෂේන්‍යා ෆොන්සේකා විසින්.
ගීත රූප රචනාවකින් හෝ චන්ද්‍රලේඛා පෙරේරා නම් අපූරු රංගන ශිල්පිනියව කාලෙකට පස්සේ දකින්න ලැබීමත් සුවිශේෂීම කාරණයක්.
2025 ජූනි 20, පෙ.ව. 12:09
2025 ජූනි 19, පෙ.ව. 12:09
2025 ජූනි 19, පෙ.ව. 12:04
2025 ජූනි 18, පෙ.ව. 12:03
2025 ජූනි 18, පෙ.ව. 12:03
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
18-06-25
18-06-25
18-06-25
18-06-25
18-06-25
18-06-25
18-06-25
18-06-25