hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2022 සැප්‍තැම්‍බර් 03, ප.ව. 3:43



සාරංග, දිනක්ෂි කියන්නේ කලා ලෝකයේ ඉන්න ලස්සනම කපල් එකක්. මෙයාලා ගැන ඉතින් හැමෝම වගේ දන්නවා.

හරිම ආදරණිය කපල් එකක්.

සිනහවෙන්, විනෝදයෙන් කාලය ගත කරන මේ දෙපල කලාවේ ලොකු ගමනක් ආවා.

අදටත් එලෙසින්ම කලා ලෝකයේ රැදිලා ඉන්නවා.

සාරංග කියන්නේ පුංචි තිරයට මේ වෙද්දී නැතිවම බැරි නළුවෙක්. ඔහු එතරම් දක්ෂ කඩවසම් නළුවෙක්.

දිනක්ෂි කලාවේ සිටියත් නිරන්තරයෙන් නිර්මාණ තුලින් දැකගන්න ලැබෙන්නේ නම් නැහැ.

මේ දිනවල නම් ඇය කාර්යබහුල අම්මා කෙනෙක්.

දියණියකට උපත දීමත් සමග වගකීම් ගොඩක් එක්ක ඇය කාර්යබහුල වෙලා ඉන්නේ.

දුව එක්ක ඉමහත් සතුටින් තමයි මේ දෙන්නා කාලයගත කරන්නේ.

ඒ අවස්ථාවල විවිධ ජායාරූප සහ වීඩියෝ ක්ලිප්ස් ඔවුන් සමාජ මාධ්‍යට එක්කර සිටිනවා.

ඔවුන්ගේ පළමු දරුවා තමයි ඒ.

සාරංගයි දිනක්ෂියි කොහෙ ගියත් ලස්සනට ඡායාරූප අරගෙන ඒවා සමාජ මාධ්‍යවල පල කරනවා.

පසුගිය දවසක මේ දෙන්නා ලස්සනට ඇඳගෙන වෙඩින් එකකට ගිහින් තිබුණා.

ඉතින් සුපුරුදු පරිදි මේ දෙන්නා එක එක විදිහට ලස්සනට ඡායාරූප අරගෙන තිබුනා.