hit counter

2025 නොවැම්‍බර් මස 17 වන සඳුදා

2025 නොවැම්‍බර් 18, පෙ.ව. 12:14



ප්‍රවීණ රංගන ශිල්පි රංජිත් ද සිල්වා අතුරුදන්ව ඇති බවත්, ඔහුව දුටුවහොත් වහාම දැනුම් දෙන ලෙසත් මීට ඉහත මාධ්‍ය මඟින් දැනුම් දීමක් සිදුකළා.

කෙසේ නමුත් තවමත් ඔහුව සොයාගැනීමට නොහැකිව ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව ප්‍රවීණ සටන් නළු සේනක විජේසිංහ ද සිය ෆේස්බුක් ගිණුමට මෙලෙස සටහනක් එක්කර තිබුණා. ඒ, තවමත් ඔහුව සොයාගෙන නොමැති බව දැනුම් දෙමින්…

”රංජිත් අයියාව තාම හොයාගෙන නෑ…

මම ගෙදරට කථා කලා…තාම පොලීසියෙන් හොයනවලු..

ඒ ගැන නම් කථා කරලා වැඩක් නෑ..

කවුරු හරි කිව්වොත් ගිහින් අරං ඇවිල්ලා කියයි පොලිසියෙන් හොයාගත්තා…

කථාව ඒක නෙවෙයි රංජිත් අයියාගෙන් වැඩ නොගත් කෙනෙක් නෑ මේ කලා ක්ෂේත්‍රයේ

අපි මේ වෙනකන් මොනාද කලේ ඒ වෙනුවෙන්…

ඔහේ නැතිවෙන්න දීලා ඉන්නවද…

මාධ්‍යයෙන් නිතර නිතර පෙන්නනවා නම් දකින කෙනෙක් හරි කියනවානේ….

වෙඩි තියනවා, ම#රනවා, කුඩු අල්ලනවා, අර්චුනාගේ කථා අඩුවක් නැතුව පෙන්නනවා. එකම දවස් දෙකක් විතර පෙන්නනවා…

ඒත් වටිනා කලාකරුවෙක් නැති උනාම..????.

මේක මාර රටක්, මාර කලාවක්, මාර මාධ්‍යක්..

ඒ වෙනුවෙන් බලපෑම් කරන්න කලා ක්ෂේත්‍රයක් කෝ….

එදා උපාලි කීර්තිසේන

අද රංජිත් සිල්වා

හෙට ඔබද මමද..”

ප්‍රවීණ රංගන ශිල්පි, සම්මානනීය චිත්‍රපට හා ටෙලිනාට්‍යය කලා අධ්‍යක්ෂ රංජිත් ද සිල්වා අතුරුදන්ව තිබුණේ, ඉකුත් ඔක්තෝබර් 19දා සවස 6.00 සිට වන බවයි වාර්තා වූයේ.

මේ සම්බන්ධයෙන් පෑලියගොඩ මූලස්ථාන පොලිසියට ද දැනුම් දී ඇති බවත් සඳහන්.

රංජිත් ද සිල්වා මහතා නිවසින් පිටව ගොස් තිබුණේ, සුදු පැහැති ටීෂර්ටයක් හා නිල්පාට ඩෙනිම් කලිසමකින් සැරසීමෙනි. ඔහු අවසන්වරට කැලණිය ටයර් හන්දියේ සිටිනු කීපදෙනකු දැක ඇති බවයි වාර්තා වූයේ.

රංජිත් ද සිල්වා මහතා ඩිමෙන්ෂියා (අමතකවීමේ) රෝග තත්ත්වයකින් පසුවූ බවත් සඳහන්.

අතුරුදන් වනවිට 75 වැනි වියේ පසුවූ ඔහු එක් දරු පියෙකි.

“ඉසුරු භවන”, “පිටගම්කාරයෝ”, “දැවැන්තයා” ඇතුළු ටෙලිනාට්‍ය රැසකට ද “නෙයිනගෙ සූදුව”, “සාජන්ට් නල්ලතම්බි” ඇතුළු වේදිකා නාට්‍යය කීපයකට ද සිය රංගනයෙන් දායක වූ රංජිත් ද සිල්වා, මෙරට කලා ක්ෂේත්‍රයේ සුවිශේෂී රංගන ශිල්පියෙකි.

ඡායාරූපයේ සිටින රංජිත් මහතා ගැන තොරතුරක් දන්නේ නම් 071-6543296 හෝ 076-7396901 යන අංකවලට දැනුම් දෙන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමු.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: