2024 ජනවාරි 20, පෙ.ව. 12:06
ජනප්‍රිය රංගන ශිල්පිනි සෙනාලි ෆොන්සේකාගේ මව දම්ම්කා ෆොන්සේකා මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 07 වනදා අභාවප්‍රාප්ත වුණා.
ප්‍රවීණ රංගවේදිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ බාල සොයුරු වූ නැසීගිය උපාලි ෆොන්සේකා මහතාගේ බිරිඳ වූයේ දම්ම්කා ෆොන්සේකා මහත්මියයි.
සෙනාලිගේ මවගේ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරුණා.
දුක හදේ හිරකරගත් සෙනාලි, අම්මා තාත්තා ගැන මෙන්න මේ විදිහය එයාගේ මුහුණුපොතට සටහනක් එක්කරලා තිබුණා.
“අම්මා යන්න ගිහින් දවස් 10ක්, තත්තා ගිහින් අවුරුදු 4ක්, එත් මට තාමත් එයාලා මගේ ලග වගේ… පහු ගිය දවස් 7 ගොඩක් අය මගේ ලගින් හිටියා, මගේ දුක බෙදාගත්‍තා, අම්මට නිවන් සුව පැතුවා, මං අසරන වෙලා ඉන්නකොට මට වචනෙකින් හරි හයියක් උනා… අම්මාගේ මලගෙදර, බනගෙදර, දානේගෙදර ඇවිත් ගොඩාක් දෙනා මාත් එක්ක හිටියා, මොහොතකට හරි පරන මතකයන් වලින් මගේ මූනට හීනාවක් ගෙන්න උත්සහ ගත්තා, හිතට හයියක් දුන්නා… ඒ මං මූණ දන්න, නොදන්න, වචනයකින්, සිතුවිල්ලකින් මගේ දුක බෙදාගත්ත ඕගොල්ලෝ හැමෝටම පිං ජිවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්, මේ අවුරුදු ගානට පාඩම් ගොඩාක්… දවස් 7කින් පස්සේ තනි උනාම එක ගොඩාක් දැනෙනවා, හැබැයි දැන් මට තියෙන්නේ එකම ඉලක්කයයි… අම්මයි තාත්තයි මාව දකින්න අසාවුනූ, ඒගොල්ලන්ගේ හීන කැප කරලා මාව ගෙනියන්න හදපු තැනට කොහොමහරි යන එක… ජිවිතේ ඉදිරියට කරන්න දෙවල් බොහොමයි, යා යුතු මග දුරයි, හැබැයි මං දන්නවා මගේ අම්මයි තාත්තයි එදා වගේම අදත් මේ ගමනේදී මගේ ලගින් ඉන්නවා කියලා..”
2025 මැයි 10, පෙ.ව. 12:27
2025 මැයි 10, පෙ.ව. 12:12
2025 මැයි 10, පෙ.ව. 12:04
2025 මැයි 09, ප.ව. 1:19
2025 මැයි 09, ප.ව. 12:59
10-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25