hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 25, ප.ව. 7:25



සේනානායක වේරලියද්ද කියන්නේ ලංකව දන්න කියන වේදිකාවට නැතිවම බැරි වුණ ගායකයෙක් කිව්වොත් හරියටම හරි.

කිසිම භේදයකින් තොරව ඔහුට ආදරය කරන පිරිස ඔහු වටා එක් රොක් වෙනවා.

ඔහු විසින් සිදු කළ සුවිශේෂී කර්තව්‍යක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

එම සිදුවීම වෙලා තියෙන්නේ පසුගියදා කඩවත කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ  සනීපාරක්ෂක පහසුකම් ගොඩනගා ගැනීමට ආධාර පිණිස ආදි ශිෂ්‍යය සංගමය එක්ව සංවිධානය කළ මහා සංගීත රාත්‍රියකදීයි.

එම විද්‍යාලයේ දූ දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා ක්‍රීඩාංගණය නවීකරණය කිරීම එහි සනීපාරක්ෂක ගොඩනැගිලි ඉදිකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් එම පාසලේ සංගීත සංදර්ශනයක් පවත්වා තිබෙනවා.

මේ සඳහා ආරාධිත ගායන ශිල්පියෙකු ලෙස එහි පැමිණි ප්‍රවීණ ගායන ශිල්පී සේනානායක වේරලියද්ද මහතා මේ තොරතුරු පිළිබඳව දැනුවත් වී ඇත්තේ එහි පැමිණි පසුවයි.

එම අවස්ථාවේදී සේනානායක වේරලියද්ද මහතා තීරණය කර ඇත්තේ කිසිදු අයකිරීමකින් තොරව ප්‍රසංගය සඳහා ගීත ගායනා කිරීමටය.

අවසානයේ ඔහු ගීත ගායනා කරලා වේදිකාවෙන් බැස යන අවස්ථාවේදි විදුහල්පතිවරයා සහ ආදි ශිෂ්‍යන් දෙපස රැඳී ඔහුට ගෞරව කල බවද සඳහන් වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: