2025 අගෝස්‍තු 22, පෙ.ව. 12:10
ඉන්දීය සිනමාවේ සුපිරි තරුව, ෂාරුක් ඛාන් සිය පුත් ආර්යන් ඛාන්ගේ පළමු අධ්‍යක්ෂණය වන ”The Ba***ds of Bollywood” හි ටීසරය එළිදැක්වීමේ අවස්ථාවට එක්ව තිබුණා.
එහිදී ඔහු ඉන්දීය සිනමාවට අලුතින් එක්වූ නිළියක් වන සාහර් බම්බා (Sahher Bambba) මාධ්‍යයට සහ ප්‍රේක්ෂකයන්ට හඳුන්වාදීම ද සිදුකරන ලදී.
චිත්‍රපටයේ සාහර් රඟන “කරිෂ්මා” චරිතය ගැන අදහස් දක්වමින් ෂාරුක් ඛාන් මෙලෙස සිය අදහස් පළකර තිබුණා.
“මම The Ba***ds of Bollywood හි කරිෂ්මා තල්වාර්ගේ චරිතය රඟපාන සාහර්ව දැක්කා. ඇය අතිශයින්ම දක්ෂයි. මම හිතනවා ඇය මේ රටේ ඉහළම නිළියක් වේවි කියලා….”
ෂාරුක්ගේ ප්‍රශංසාවට ප්‍රතිචාර දක්වමින් සාහර්, “එහෙම නම්, මට ඔබ සමඟ චිත්‍රපටයක රඟපාන්න අවස්ථාවක් ලැබෙයිද?” මැයෙන් ෂාරුක්ගෙන්ම විමසා තිබුණා.
ඊට ෂාරුක්ගෙ ප්‍රතිචාරයව තිබුණේ, “මගේ වයසට ඔයා ගොඩක් වැඩිමල්! මට වයස වැඩියි” මැයෙන් හාස්‍යජනක ප්‍රතිචාරයක්.
“The Ba***ds of Bollywood” ආර්යන් ඛාන්ගේ තිර රචනයක් සහ අධ්‍යක්ෂණයකි.
බොබී ඩියොල්, ලක්ෂ්‍ය, සහර් බම්බා, මනෝජ් පහ්වා, මෝනා සිං, මනීෂ් චෞදාරි, රාගව් ජුයාල්, ආන්යා සිං, විජයන්ත් කෝලි සහ ගෞතමි කපූර් රඟන මෙහි සාහර් බම්බා, බොබී ඩියෝල්ගේ දියණිය ලෙස කරිෂ්මා තල්වාර්ගේ ප්‍රධාන චරිතය නිරූපණය කරයි.
ගෞරි ඛාන්ගේ ”රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට්”හි නිෂ්පාදනයක් වන මෙය සැප්තැම්බර් 18 වැනිදා සිට Netflix ඔස්සේ නැරඹිය හැකිය.
මේ අතර, ෂාරුක් තමා මුහුණ පෑ අනතුරෙහි නව තොරතුරු ද මෙහිදී බෙදාගෙන තිබුණා.
ෂාරුක් එහිදී සඳහන් කර තිබුණේ, උරහිසට හානිවීම නිසාවෙන් ශල්‍යකර්මයක් ද කළ බවත් තවත් මාස 1-2 ක කාලයක් සම්පූර්ණ සුවය සඳහා ගතවනු ඇති බවයි.
තමන් එක අතකින් වැඩ කළමනාකරණය ගන්නා අයුරු ද ෂාරුක් මෙලෙස කාටත් පැහැදිලි කර තිබුණා…
”සුවය ලැබීමට මාස එකක් හෝ දෙකක් ගතවනවා. ඇත්තටම, මට බොහෝ දේවල් එක අතකින් කරන්න පුළුවන්. කෑම කන එක, දත් මදින එක, මගේ පිට කසන එක වගේ. මට අත් දෙකම අවශ්‍ය සහ එක අතකින් කළමනාකරණය කරන්න බැරි එකම දේ,,, ඒ තමයි ඔබ සැමගෙන් මට ලැබෙන සියලු ආදරය ලබා ගැනීම…”
ෂාරුක් එලෙස විස්තර කර තිබුණේ, තමාගේ සුප්‍රකට සුපුරුදු ඉරියව්ව ගැන සඳහන් කරමින්.
ෂාරුක් පසුගිය මාසයේ මෙම අනතුරට මුහුණ දුන්නේ, ‘King’ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදීයි….
2025 අගෝස්‍තු 22, පෙ.ව. 12:19
2025 අගෝස්‍තු 21, පෙ.ව. 12:06
2025 අගෝස්‍තු 21, පෙ.ව. 12:05
2025 අගෝස්‍තු 20, පෙ.ව. 12:05
2025 අගෝස්‍තු 20, පෙ.ව. 12:02
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
21-08-25
21-08-25
21-08-25
21-08-25
21-08-25
21-08-25
21-08-25
21-08-25
21-08-25
21-08-25
20-08-25
20-08-25
20-08-25
20-08-25
20-08-25
20-08-25