hit counter

2025 ජනවාරි මස 20 වන සඳුදා

2025 ජනවාරි 20, ප.ව. 2:05



ටෙලි නාට්‍ය නිළි ශලනි ප්‍රනාන්දු හා ඇගේ සැමියා වන චිත්‍රපට අධ්‍යක්ෂ හර්ෂ උඩකන්දගේ සතිඅන්ත පුවත්පතක් වෙත දක්වා තිබෙන අදහස් වලින් කොටසක් පහත පරිදිය

ඒ ආදරණීය හමුවීම ගැන හර්ෂ කියමු?

ඇය මට මුලින්ම හමුවෙන්නේ 2021 වසරේ ලොක්කී ටෙලි නිර්මාණයේදී. ලොක්තිගේ චරිතයට රංගනයෙන් දායක වුණේ ඇය එදා අපි අතර ඇති වුණු බැඳීම කාලයත් එක්ක වැඩි දියුණු වෙලා හොඳම යහළුවන් බවට පත්වුණා. අවුරුදු හතරක් පහක්ම අපි එකිනෙකාගේ දුක සැප බෙදාගෙන හොදම යාළුවෝ වගේ හිටියා. ඒ තේරුම් ගැනීම නිසාම ආදරවන්තයින් බවට පත් වෙලා කෙටි කාලයක් ඇතුළත විවාහ වුණා. දැන් සැමියා බිරිය විදිහට හරිම සතුටින් ඉන්නවා.
 එයාට හොඳ තේරුම් ගැනීමක් තියෙනවා. මගේ හැම දේකටම උදව් කරනවා. ඒ වගේම මගේ වැඩවලට සම්පූර්ණ නිදහස දීල තියෙනවා. කිසිම වාරණයක් නෑ. ඒ තේරුම් ගැනීම අවබෝධය මගේ සාර්ථකත්වයට ලොකු රුකුලක් වුණා කිව්වත් හරි. කසාද බඳින්න කලින් හිටිය මම්මයි කසාද බැන්දට පස්සෙත් ඉන්නේ එයාටත් මං හිතන්නේ ඒ විදිහමයි. ඒ අවබෝධය තමයි ලොකුම සාර්ථකත්වය වුණේ. හොඳම යාළුවා බිරිය වෙනව තියන්නෙම ලොකු සාර්ථකත්වයක්. මොකද අපි දෙන්නගේ සිතුම් පැතුම් අපි දෙන්න හොඳට දන්නවා. ඒ බොන්ඩ් එක ගොඩක් වැදගත්

මේ දවස්වල දකින්නම නැත්තේ රංගනයට සමුදීල වන්ද ශලිනි ?

විවාහයෙන් පස්සේ මං අලුත් නිර්මාණයක් භාර ගත්තෙම නෑ. මං හිතන් හිටියා විවාහයෙන් පස්සේ ටික කාලයක් නිදහසේ ඉන්නවා කියලා. ඒත් එක්කම මං ටිකක් මහත් වෙන්න ගත්තා. ඒ නිසා නිර්මාණයකට සම්බන්ධ වෙන්න හිතුණෙ නෑ. මේ දවස්වල ආයෙම කෙට්ටු වෙමින් ඉන්නවා. බලමුකෝ.. ඉදිරියේදී හොද නිර්මාණයක් ලැබුණොත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ලස්සන මතක පිරෙන හැන්දෑවක ආදරේ බෙදා ගන්න ආදරවන්තයින්ගේ දවසේ හැන්දෑවට ආකේඩ් එකට ආදරේ පිරුණු හිත් අරගෙන ඔයත් එන්න.. ප්‍රවේශපත් සඳහා පිවිසෙන්න akasasuthra.com





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: