2024 පෙබරවාරි 11, පෙ.ව. 12:04
අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන තරු යුගළයක්.
අතුල සහ සමිතා මේ වෙනකොට වෙන් වෙලා හිටියත් ඔවුන්ට ප්‍රේක්ෂයකගෙන් ලැබෙන ආදරේ නම් කිසිම අඩුවක් වෙලා නැහැ.
මේ වෙනකොට ඔවුන්ගේ එකම දියණිය නම් යුග දිවියට එළබිලා කියන කාරණය ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.
සමිතා සහ අතුලගේ එක පුත් තමයි ශේන් අධිකාරි කියලා කියන්නේ.
ශේන්ගේ ජායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා ඔබට මතක ඇති.
ඒ ජනප්‍රිය රියැලටි තරුවක් වූ විදුෂා රාජගුරු සමඟ සිටින ජායාරූපයක්.
ශේන් මේ සතිඅන්තයේ අතිරේකයට ඒ ගැන කියලා තිබුණා.
‘මං ගැන මේ දවස්වල කතාබහ කරන්න අරන්.. ඒ මොනවා නිසාද කියලා මමත් දන්නවා. ඒ ඡායාරූප ගැන බොහෝ දෙනෙක් කතා කළා. ෆේස්බුක් ඉන්ස්ටර්ග්‍රෑම් ප්‍රතිචාර මටත් ආවා. විදුෂා මගේ විශේෂ කෙනෙක් නෙමෙයි. මම විශේෂයෙන් කියලා එයාගේ සින්දු අහන්නෙත් නැහැ. එහෙම විශේෂත්වයකුත් නැහැ….’
ඒ කියන්නේ ඇය ඔබේ පෙම්වතිය නෙමෙයි ..?
‘එයා පෙම්වතිය නෙමෙයි. එයා මගේ යාළුවෙක්. අම්මියි තාත්තියි අක්කියි එකතු වෙලා කොළඹ කරපු ෂෝ එකට මගේ යාළුවෝ ගොඩක් ආවා. මට ටිකක් වැඩිපුර ගැහැනු යාළුවෝ ඉන්නවා. එයත් එහෙම කෙනෙක්. එයා ෂෝ එකට ආපු වෙලාවේ අපි දෙන්නා ෆොටෝස් ගත්තා. ඒවා කිහිපයක් සෝෂල් මීඩියා ශෙයාර් වුණා. එයා මගේ පෙම්වතිය කියලා. පවුලේ හැමෝම සංගීතයට සම්බන්ධ නිසා මමත් ගායිකාවක් එක්ක ආදර සම්බන්ධයක් පටන් අරගෙන කියලා රාවයක් ගියා. ඒත් ඒක බොරුවක්. එයා මගේ යාළුවෙක් විතරයි….’
2025 මාර්තු 13, ප.ව. 8:38
2025 මාර්තු 13, ප.ව. 6:34
2025 මාර්තු 13, ප.ව. 6:25
2025 මාර්තු 13, පෙ.ව. 10:43
2025 මාර්තු 13, පෙ.ව. 12:23
13-03-25
13-03-25
13-03-25
13-03-25
13-03-25
13-03-25
13-03-25
13-03-25
13-03-25
13-03-25
13-03-25
13-03-25
13-03-25
13-03-25
13-03-25
13-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25