hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 18, ප.ව. 1:27



වැල්ලම්පිටිය වේරගොඩ විද්‍යාලයේ අක්‍රමවත් ලෙස ඉදි කර තිබූ ජල කරාම සහිත බැම්මක් පෙරළී එයට යටව අවාසනාවන්ත ලෙස මරණයට පත් වූ එම විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සෙහන්සා නෙත්සරණි කෝදාගොඩ දැරියගේ දේහය පෙරේදා වැල්ලම්පිටිය, වෙහෙරගොඩැල්ලේ පිහිටි ඇයගේ නිවෙස වෙත රැගෙන එනු ලැබුවා.

ඇය ඉගෙනුම ලැබූ පන්තියේ යහළු යෙහෙළියන්, ගම්වාසීන් ඇතුළු විශාල පිරිසක් එම ශෝකජනක අවස්ථාවේ එහි පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

සෙහන්සා දැරියගේ මව වන නිරෝෂා සමන්මලී මහත්මියද ඇය සේවය කරමින් සිටි සවුදියේ සිට ඊයේ සවස නිවෙස වෙත පැමිණියේ හඬාවැටෙමින්.

” නංගි මට අයියේ අයියේ කියලා අඩ ගැහුවා… අම්මේ මට දැන් ඒ ඉස්කෝලෙට යන්න බෑ..” ලෙස ඔහු පවසා සිටි බව ද සදහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: