2025 ජූලි 08, ප.ව. 2:18
සමාජ මාධ්‍ය වල කාලෙන් කාලෙට එක එක මාතෘකා ගැන කතා වෙනවා. මේ දවස්වල මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරාගේ නව ජීවන ඉනිමයි.
දශකයටත් එහා ගියපු විවාහ ජීවිතයට තිත තියලා නව ජීවන සහකාරියක් හොයා ගෙන තියෙනවා.ඒ කලා ක්ෂේත්‍රයේ කතාබහට ලක් වෙන හතරසිංහ පවුලේ දියණියක් එක්කයි.
ඇය නමින් නිශිනි හතරසිංහ. කාලෙක තිස්සේ මේ හුටපටේ ගැන කතාබහක් ඇති වෙලා තිබ්බත් ආයේ ඒ ගැන ගොඩක් කතා කරන්න ගත්තේ ඒකට තටු ආවේ කලාත්මා කරළියට ඒමත් එක්කයි.
මේ කතාව ආයේ කතාබහට ලක් වෙන්න ගත්තේ තිසර සහ නිශීගේ ෆොටෝශූට් එකක් නිසා. මේ ෆොටෝ එළියට එන්නේ මීට සතියකට වගේ කලින් වුණත් ඒවගේ තනි ෆොටෝස් නිශී තිසර දාලා තිබ්බා මීට කාලෙකට කලින්.
විවාහ වුණාට පස්සේ ඊළඟට එළියට ආවේ ඔවුන් දෙදෙනාගේ මව් පිය පදවියට සූදානම් වෙන බවට වන ඡායාරූප එකතුවක්. ඉන් දවසකට පස්සේ මේ කැදැල්ලට පුංචි දූ පැටියෙක් ඇවිල්ලා තිබ්බා. ඒ චූටි මැණික තිසාරා අවිආනා පෙරේරා.
මේ කතාබහ සමාජ මාධ්‍යයේ කතාබහට ලක් වෙනවත් එක්කම තිසර පෙරේරාගේ හිටපු බිරිඳ ශෙරමි දිනුෂිකා සිය සමාජ මාධ්‍ය වේදිකා වලට විවිධාකාර පෝස්ට් එකතු කරන්න අරගෙන. ඒ අතරේ 2025.06.30 නීත්‍යනුකූලව දික්කසාද වුණු බවත් අලුත් කතාවක් පටන් ගත්ත තිසරට නිශීටත් සුබ පැතුමක්ද එක් කර තිබීම කතාබහට ලක් වුණා.
කොහොම නමුත් ඇය ඉන්පසු සෘජුව කිසිම සදහනක් නොකරම මේ කතාවට ගැලපෙන්නා වූ විවිධාකාරයේ සටහන් සමාජ මාධ්‍ය තුළින් හුවමාරු කරගෙන තිබුණා. තිසර ශෙරමි කියන්නේ මීට කාලෙකට කලින් ආදරණීය යුවළක් ලෙස වඩාත් කතාබහට ලක් වූ දෙන්නෙක්. දෙන්නාගේ ආදර කතාව පටන් අරන් තිබුණේ පොඩි වයසකදී. තමන්ට තිසරව මුණ ගැහුණු හැටි ගැනත් තිසර තමන්ගේ වීම ගැනත් ශෙරමි මෙන්න මෙහෙම කියලා තිබුණා.
ඒ කාලේ එහෙම කියපු තිසරගේ පෙර බිරිඳ දැන් වෙනස්ම විදියේ කතන්දර බොහොමයක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමවල පළ කර තිබෙනවා.
මේ අස්සේ නිශිනි හතරසිංහ ද සිය සමාජ මාධ්‍ය ගිණුමේ මෙලෙස සටහන් කිහිපයක් පළ කර තිබෙනවා.
2025 ජූලි 08, පෙ.ව. 10:11
2025 ජූලි 08, පෙ.ව. 12:02
2025 ජූලි 07, ප.ව. 1:48
2025 ජූලි 07, ප.ව. 12:01
2025 ජූලි 07, පෙ.ව. 12:06