2026 ජනවාරි 08, පෙ.ව. 12:13
මේ දවස්වල වඩාත් කතාබහට ලක්වෙන ජනප්‍රිය චරිතයක් තමයි, ස්මෝකියෝ (Kevin Smokio)
සිංහල රැප් කලාවට ආදරේ කරන කාටත්, ස්මෝකියෝ ආගන්තුක චරිතයක් නෙවෙයි.
මීට කාලෙකට ඉහත, ඔහු ගැන කවුරුත් කතා කරන්න ගත්තෙ සංගීතය නිසා පමණක් ම නෙවෙයි.
ඒ නිසාම ඔහුට යම් විවේචනයක් නැතුවාමත් නෙවෙයි.
නමුත් ස්මෝකියෝට ඕනි, තමන්ගෙ ජනප්‍රියත්වයෙන් ‘සමාජය’ තුළ ධනාත්මක වෙනසක් දකින්න.
ඒ ගැන ඉරාජ් සමඟ සම්මුඛ වුණු මොහොතක ඔහු මේ විදියට කතාබහ කරලා තිබුණා.
”අපි දාගෙන ඉන්න පොඩි මතයක් අයින් කරන්න ඕනි. ‘අවවාදයට වඩා ආදර්ශය උතුම්’ කියලා කියන එක. ඒක හරි අවුල් ආදර්ශ පාඨයක්.
මම කාට හරි මොකක් හරි කිව්වොත් එහෙම, ඕක කරන්න එපා කියලා…. ඌ මට කියනවා බ්‍රෝ ඔයා කරලා ඉන්න මට කියන්න ඉස්සරලා කියලා. මම හිතන්නෙ එතන තමයි ආකල්පය වෙනස් කරන්න ඕනි. මම කියන්නෙ, අවවාදයත් උතුම්. ආදර්ශයත් උතුම්.
මම මනුස්සයෙක්. දෙවියෙක් නෙවෙයිනෙ. ඩ්‍රග් එකක් එක්ක ස්ට්‍රගල් කරන කෙනෙක්ගෙන් ඇහුවොත් එයා කියයි. එහෙම ස්ට්‍රගල් එකක් නැති කෙනෙක්ට ඒක තේරෙන්නෙ නෑ.
මං දිහා බලාගෙන කොල්ලො සෙට් එකක් ඉන්නවා. ඒක සෙල්ලමක් නෙවෙයි. ඒක හරි බරපතලයි. ඒක තේරුම් ගත්තෙ පස්සෙ. ඒක දැනගත්ත දවසෙ ඉඳන් මම පරිස්සම් වෙනවා.
මම මනුස්සයෙක් කියලා විතරක් පිළිගන්න. මම කියන්නෙ නෑ මම හොඳයි කියලා. මට ඕනි හොඳ පැත්තට එන්න. මගෙ හොඳ දේවල් ගන්න, වැරදි දේවල් ගන්න එපා…”
ස්මෝකියෝ මේ වෙද්දි විවාහකයි. ඒ නිසාම තමන් අතීත ජීවිත කතාව වෙනස් කරගෙන ඇති බවයි ඔහු කියන්නෙ.
”දැන් මම විවාහකයි. මට දැන් හොඳ පාට්නර් කෙනෙක් ඉන්නවා. එයා මාව කන්ට්‍රෝල් කරනවා නෙවෙයි, මම වැරදි පැත්තට යනකොට මට ඇඩ්වයිස් කරනවා. මම වගකීමක් අරන් තියෙනවා. එතනින් මගේ ජීවිතේ ලොකු වෙනසක් වුණා….”
ස්මෝකියෝ කියන්නෙ, රැප් කලාව තුළ දක්ෂයෙක්. ඒ නිසාම එදා පටන් මේ දක්වා ඔහු ලබන ප්‍රතිචාරවල කිසිම අඩුවක් නම් ඇත්තෙ නෑ.
සිය කලාව තුළ විවිධ වූ අත්හදා බැලීම් එක්ක ඉස්සරහට යන ඔහු, අලුත් වැඩ ටිකක් එක්ක දැකබලා ගන්න ලැබේවි.
”2025 මගේ.. 2026 අපේ…
ඉස්සරහට ඉන්දියාව එක්කත් වැඩ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. හින්දිවලින් රැප් කරන්නත් පුළුවන්…”
උපුටාගැනීම : IRAJ යූටියුබ් නාලිකාව සමඟ කළ කතාබහක් ඇසුරින්
2026 ජනවාරි 09, පෙ.ව. 12:15
2026 ජනවාරි 09, පෙ.ව. 12:03
2026 ජනවාරි 08, පෙ.ව. 12:10
2026 ජනවාරි 07, පෙ.ව. 12:22
2026 ජනවාරි 07, පෙ.ව. 12:08
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26