hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2024 අගෝස්‍තු 16, පෙ.ව. 12:07



අන්තර්ජාලය මගින් දැන හඳුනාගත් කාන්තාවකගෙන් සම්බාහන සේවාවක් ලබා ගැනීම සඳහා ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයකට ගිය ව්‍යාපාරිකයෙකු බිය වැද්දු කාන්තාවකගෙන් සමන්විත සංවිධානාත්මක කල්ලියක් ඔහු සන්තකයේ තිබූ රන් ආභරණ ඇතුළු දේපළ රැසක් කොල්ලකා ඇතැයි ගල්කිස්ස මුලස්ථාන පොලිසිය පවසනවා.

කොල්ල කන ලද දේපළ අතර රුපියල් ලක්ෂ 32 කට අධික වටිනා පවුම් 14 1/2 ක් බර රන්මාල දෙකක්, පෙන්ඩනයක්, ගල් අල්ලන ලද රන් මුදුවක්, අත් ඔරලෝසුවක් මෙන්ම මුදලින් රුපියල් 10000ක් වන බව පොලිසිය සඳහන් කරයි.

වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි ව්‍යාපාරිකයා ඉකුත් 13 වෙනි දින අන්තර්ජාලය ඔස්සේ කාන්තාව හඳුනාගෙන ඇති අතර එම කාන්තාව සමග දුරකථනය මගින් සම්බන්ධ වී කතාබහ කර සම්බාහනයක් ලබා ගැනීම සඳහා කාන්තාවගේම දැනුම් දීම අනුව එදිනම දහවල් ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක කාමරයක් වෙන් කරවාගෙන තිබෙනවා.

පැමිණිලිකාර ව්‍යාපාරිකාව එම කාමරයේ පළමු මහලේ කාමරයක රැඳී සිටියදී ඔහු විසින් අන්තර්ජාලය මගින් හඳුනා ගන්න ලද කාන්තාව සමග කාමරයට පැමිණි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු ඔහුට තර්ජනය කරමින් අල්ලාගෙන සිටියදී කාන්තාව විසින් ව්‍යාපාරිකයා පැළඳ සිටි රන් ආභරණ, අත් ඔරලෝසුව මෙන්ම මුදල් තත්පර කීපයක් තුළදී කොල්ලකා පලා ගොස් ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: