2026 පෙබරවාරි 15, පෙ.ව. 12:16
“අද මම ඔෆිස් යන්න කියලා නැග්ගේ කළුතර – කොළඹ AC බස් එකකට. මගේ ඉස්සරහා සීට් චකෙ වාඩි වෙලා හිටියේ පොඩ්ඩක් වයසින් අඩු වගේ කපල් එකක්. ඒ ලේඩ් Pregnant. මොරටුව කිට්ටු කරනවත් එක්කම වගේ අර ගැණු කෙනා එයාගේ Husband ට ලොවට වගේ කියනවා මට ඇහුනා එයාට මොකක්ද වෙනවා වගේ කියලා. එයාගේ Husband ටිකක් පොඩි වයසක කෙනෙක්. මං හිතන්නේ ඒ නිසාමද දන්නෙ නෑ ඒ Boy ට ලොකු තේරුමක් තිබ්බේ නෑ මොකක්ද කරන්න ඕනී කියලා. එවෙලේ එතන හිටගෙන හිටපු තව මහත්මයෙක් ඒ ගැහැණු කෙනාට වතුර බෝතලයක් දීලා කිව්වා ”අහ් මේකෙන් ටිකක් බොන්න” කියලා.
වතුර බීවත් එයාට තව තව වේදනාව ආවා මිසක් සහනයක් දැනුන්නෑ. ඒ චක්කම වෙ ගැණු කෙනා කිව්වා ” අනේ මාව Durdans Hospital එකට ගෙනියන්න ” කියලා. ඒ වෙලාවත් එක්ක ඉස්සරහා සිට් එකේ එකේ හිටපු මහත්මීන් දෙන්නෙක්ගේ අවධානේ ඒ කපල් එකට ලැබුනා. අර මහත්මීන් දෙන්නගෙන් එක්කෙනෙක් එයාගේ සිට් එකෙන් නැගිටලා ඇවිත් අර ගැහැණු කෙනාගේ ගේ අත තදින් අල්ල ගත්තා. අනික් කෙනා කිව්වා ඔයා “ බය වෙන්නෙපා කලබල නොවී ඉන්න ” කියලා. ඒ එක්කම ඒ ගැණු කෙනාගේ ඇඳන් ඉඳපු ඇදුම පවා සැහැල්ලු කරා.
එතන හිටපු තව මහත්මයෙක් ලඟම තියන Hospital එක කොහෙද කියලා බලද්දි ලගම තිබ්බේ ගල්කිස්ස Medi Help Hospital එක. බස් එක එලවපු ඩ්‍රයිවර් මහත්තයට කිවම පුලුවන් ඉක්මන්ට එතන්ට යමු කියලා, දෙපාරක් නොහිතා ඒ මහත්මයා බස් එක ඉක්මන්ට Hospital එක ගාවට ගියා. ඒ යනකන්ම බස් එකේ හිටපු කීප දෙනා අර Pregnant ගැණු කෙනාට මානසික විදියටත් ශාරීරික විදියටත් ලොකු සහනයක් දුන්නා. බස් එක කෙලින්ම නැවැත්තුවේ Hospital එකේ දොරකඩ. අර කපල් එකව ඒ වෙලාවෙවත් තනි නොකර එක මහත්මියක් එයාලා එක්කම Hospital එකට ගියා.
ඇත්තටම සතුටුයි ලංකාවේ මිනිස්සු ගොව තාමත් මනුස්සකම උතුරන්න තියෙන එක ගැන. තව කෙනෙක්ගේ දුකක් කරදරයක් තේරෙන ගානට වාසියක් නැතුව ඒ කෙනා ගැන සානුකම්පිතව බලන එක ගැන. “
2026 පෙබරවාරි 15, පෙ.ව. 12:08
2026 පෙබරවාරි 14, ප.ව. 5:09
2026 පෙබරවාරි 14, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 13, පෙ.ව. 10:13
2026 පෙබරවාරි 12, ප.ව. 1:40
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26
13-02-26
13-02-26