hit counter

2024 ජූලි මස 06 වන සෙනසුරාදා

2024 ජූලි 03, ප.ව. 3:03



කොම්පඤ්ඤවීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී වයස අවුරුදු 15ක ගැහැනු ළමයෙකු සහ පිරිමි ළමයෙකු ඊයේ (02) රාත්‍රියේ මියයෑම සම්බන්ධයෙන් මේ වනවිට CCTV දර්ශන ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙය සියදිවි නසාගැනීමක් බවට සැකපළ කරන බවත්, මොවුන් දෙදෙනා කොළඹ ජාත්‍යන්තර පාසලක 10 වැනි ශ්‍රේණියේ එකම පන්තියේ ඉගෙනුම ලබමින් සිට ඇති බවත් පොලිසිය පවසනවා.

පොලිස් පරීක්ෂණවලිදී අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සබඳතාවක් පැවති බවත් ඊයේ පාසල අවසන් වී සිසුවිය සහ සිසුවා සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ පස්වන මහලේ පිහිටි කායවර්ධන මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බවත්ය.

ඔවුන් එහිදී ඇඳුම් මාරුකර, පාවහන් ගලවා ඔවුන්ගේ බෑගයන් ද එම මධ්‍යස්ථානය තුළ තබා 67 වැනි මහලට ගොස් ඇත්තේ කායවර්ධන මධ්‍යස්ථානයට පිටතින් ඇති තරප්පු පෙළ ඔස්සේය.

අනතුරුව ඔවුන් එම මහළෙන් බිමට පැන සියදිවි නසාගන්නට ඇති බවයි පොලීසිය සැකපළ කරන්නේ.

ඔවුන්ගේ සිරුරු හමුවුණේ, මහල් 70කින් යුත් එම සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 03 වන මහලේ ඇති වායුසමීකරණ යන්ත්‍ර සවිකර ඇති ස්ථානයේ තිබියදීය.

එම යන්ත්‍රවලට කැපී ඔවුන්ගේ සිරුරුවලට බරපතළ තුවාල සිදුව තිබූ අතර මියගිය සිසුවා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිසුවිය කැලණිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: