2025 මාර්තු 25, පෙ.ව. 12:21
ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ගෞරවනීය මතක රැසක් ශේෂ කරමින්, පසුගියදා නික්ම ගිය ප්‍රවීණ රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය ගැන ආදරණීය මතකයක්, ජනප්‍රිය රංගන ශිල්පිනි සුජානි මේනකා විසින් බෙදාගෙන තිබුණා.
ඒ, ඇය වයස අවුරුදු 6ක කුඩා දැරියක්ව සිටි අවදියේ රඟපෑ ‘චාරුලතා’ ටෙලි මතක යළි ආවර්ජනය කරමින්.
ටෙලිනාට්‍ය කණ්ඩායමේ කුඩාම සාමාජිකාව වුණු තමන්ට, අනෙක් පිරිසගෙන් ලැබුණු අසීමිත ආදරයත් සුජානි මේනකා එහි අපූරුවට වචන කර තිබුණා.
”චාරුලතා……
මේ ගැන සටහනක් නොලියම බැරිවුනා. මොකද මේ දිනවල මට එන calls, sms නිසාම…
සුසන්තා චන්ද්‍රමාලී මහත්මියට උපහාරයක් විදිහට මේ දිනවල YouTube එකේ චාරුලතා ටෙලිනාට්‍ය විකාශනය වෙනවා…
මම මේ දවස්වල පුදුම ආසාවකින් චාරුලතා නාට්‍ය බලන්නේ… චාරුලතා නාට්‍ය රඟපාද්දි මට වයස අවුරුදු 6යි. මට හොදටම මතකයි නාට්‍ය shooting කරපු හැටි. විජය ධර්ම ශ්‍රී මහත්මයා තමයි චාරුලතා නාට්‍ය අධ්‍යක්ෂනය කරන්නේ..
මම නාට්‍යට සම්බන්ද වෙන්නේ 10 වෙනි කොටසේ ඉදලා..
නාට්‍යට සම්බන්ද වෙලා හිටිය කන්ඩායමේ පොඩිම එකා මම නිසා හැමෝම මට පුදුම ආදරයක් තිබුනේ..
සුසන්තා අක්කාගේ පලවෙනි වෙලිනාට්‍ය තමයි චාරුලතා..
මම ඒ කාලේ දැක්ක ලස්සනම නිලියන්ගෙන් එක්කෙනෙක් තමයි සුසන්තා අක්කා…
මේ නාට්‍යයේදී වගේම හැමදාටම තිරයේදීත් සැබෑ ජීවිතයේදීත් සුසන්තා අක්කා මට හොද සහෝදරියක්..
එදා ඉදලා අපි දෙන්නා රගපාපු ගොඩාක් ටෙලි කතාවල අක්කයි නංගිටයි තමයි ඉදලා තියෙන්නේ..
සුසන්තා අක්කාගේ මලගෙදර ගියවෙලාවේ එයාගේ අම්මා, සහෝදරියෝ මේ නාට්‍යයේදී මාව බලාගත්ත හැටි මතක්කලා…
මේ මොහොතේදී මාව අම්මලා වගේ බලා ගත්ත අනිත් තිදෙනා තමයි ලියෝනී කොතලාවල ආන්ටියි, මැනිකේ අත්තනායක ආන්ටියි, සමන්ති ලැනරෝල් ආන්ටියි…පුදුම ආදරයක් මගේ හිතේ ඔවුන් හතරදෙනා ගැනම තියෙන්නේ…
අනිත් ප්‍රධානම කෙනා මෙහි අධ්‍යක්ෂක විජය uncle.. ඔවුන්ගේ ආදරය නොලැබෙන්න මම හිතන්නේ නෑ ඔච්චර relax ව මට චන්දරෝගේ චරිතය රගපාන්න ලැබෙයි කියලා..ඒ වගේම නාට්‍යට සම්බන්දවෙලා හිටිය මුලු කන්ඩායමම මම මේ මොහොතේ ආදරෙන් මතක් කරනවා…
මේ නාට්‍යයේ මට මීමැස්මොරය කියන ලෙඩේ හැදෙන scenes කීපයක් තියෙනවා…
මට අදටත් හිතාගන්න බෑ ඒවගේ ලෙඩක් මම කවදාක්වත් ඒ වයසට අහලවත් තිබිලා නැතුව කොහොම රගපෑවද කියලා…
එයටනන් මම ස්තූතිවන්ත වෙන්නෙම විජය ධර්ම ශ්‍රී නම් ඒ දැවැන්ත අධ්‍යක්ෂක වරයට..
එතුමාගේ යටතේ වැඩකරන්න ලැබීමම මම මගේ ජීවිතේ ලබපු ලොකුම වාසනාවක්….
මම ආදරයෙන් සිහිපත් කරනවා අපි අතර නැති මේ නිර්මාණයේ දැවැන්තයන් වන විජය ධර්ම ශ්‍රී, රූබී ද මෙල්, ලියෝනී කොතලාවල, සිරිල් ධර්මවර්ධන, සුසන්තා චන්ද්‍රමාලී යන මහත්ම මහත්මින්ව…..”
(උපුටාගැනීම : රංගන ශිල්පිනි සුජානි මේනකාගේ ෆේස්බුක් පිටුවෙන්)
2025 මාර්තු 26, පෙ.ව. 12:24
2025 මාර්තු 26, පෙ.ව. 12:07
2025 මාර්තු 25, පෙ.ව. 12:27
2025 මාර්තු 24, පෙ.ව. 12:09
2025 මාර්තු 24, පෙ.ව. 12:05
26-03-25
26-03-25
26-03-25
26-03-25
26-03-25
26-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
24-03-25
24-03-25
24-03-25
24-03-25
24-03-25
24-03-25
24-03-25
24-03-25
24-03-25
24-03-25