hit counter

2025 මැයි මස 24 වන සෙනසුරාදා

2025 මැයි 24, ප.ව. 9:11



රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ අභාවයෙන් සිංහල සිනමාවේ ඇති වූ රික්තය කාටවත් පිරවිය නොහැකි බව මහාචාර්‍ය සුනිල් ආරියරත්න මහතා පවසනවා.

නමුත් අප ඇයගේ අභාවය ගැන දුක් වන්නේ නැති බවත් අවුරුදු 78ක් තුළ ඇය මෙම රටට ලබා දිය හැකි උපරිම ආශ්වාදය ඇයගේ රංගනය තුළින් ලබා දුන් බවත් ඔහු සඳහන් කළා.

ඇය ඇයගේ රංග කලාව වෙනුවෙන් දේශ දේශාන්තරවලින්, අපේ රටින් ලබන්න පුළුවන් සම්මාන, ගෞරවය, රසික ආදරය හැම දෙයක්ම ලබාගත් බවද සඳහන් කළා.

අභාවප්‍රාප්ත හෙළ සිනමාවේ නිළි රැජිනිය ලෙසින් විරුදාවලී ලැබූ විශිෂ්ට රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය ඇය ජීවත්ව සිටි මාදිවෙල ප්‍රදේශයේ පිහිටි නිවස වෙත අද (24) සවස රැගෙන ආවේය.

දේහය හෙට (25) පෙරවරු 10.00 සිට මහජන ගෞරව සඳහා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට රජය තීරණ ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අනිද්දා (26) දිනයේ නිදහස් චතුරස්‍ර මන්දිරයේදී ද මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට මහජන ගෞරව දැක්වීමට අවස්ථාව සලසා දී ඇති බවය.

කලක් රෝගාතුරව සිටී මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.

1947 වසරේ අප්‍රේල් මස 30 වනදා උපත ලැබූ ඇය මිය යන විට 78 වන වියේ පසුවුණි.

ශ්‍රී ලාංකීය සිනමා ක්‍ෂේත්‍රයේ ඉතිහාසයේ වැදගත්ම චරිතයක් ලෙස මාලිනී ෆොන්සේකා සලකනු ලබන අතර එතුමියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරවයෙන් සිදු කිරීම ඔහුගේ සේවය හා කීර්තිය පිළිබඳ ජාතික පිළිගැනීමකි.

හෙළ සිනමාවට අමිල සේවයක් සැපයූ මාලිනී ෆොන්සේකා සිය ජීවිත කාලය පුරාම හෙළ සිනමාවේ නිළි රැජින ලෙස පිළිගැනුණු අතර සිනමා ලෝකයේ පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකීය සමාජයේ ආදරණීය චරිතයක් බවට පත්ව සිටියාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: