hit counter

2026 ජනවාරි මස 28 වන බදාදා

2024 අප්‍රේල් 27, ප.ව. 8:22



කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සුසිත ජයවංශ නැමැති තරුණයෙකු අතුරුදන්ව තිබෙනවා.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ ප්‍රදේශයේ ආහාරපාන වෙළඳසැලක් පවත්වාගෙන යන තරුණයෙක් වන අතර ඔහු අතුරුදන් වී අදට දින 6ක් ගතව ඇතැයිද සඳහන්.

ඔහු පසුගිය 22 දා සිය ළෙඳසැලෙහි සේවකයන් සමග කුලියාපිටිය ප්‍රදේශයේ සිය පෙම්වතියගේ නිවසට ගොස් ඇති අතර ඒසේ නිවසට ගිය අවස්ථාවේ සිට මේ දක්වා ඔහු පිලිබඳ කිසිදු තොරතුරක් ලැබී නැතැයිද සඳහන්.

අතුරුදන්වීමට පෙර සුසිත ගිය බව පැවසෙන පෙම්වතියගේ නිවසේ හිමිකරු යැයි කියන සිඟිති නැමැති පුද්ගලයෙක් සුසිතගේ මිතුරෙකුට දුරකතන ඇමතුමක් ලබා දී ඇති අතර එහිදි පසුගිය අඟහරුවාදා රාත්‍රි 7.58ට සිඟිති නම් පුද්ගලයා තමාට දුරකතන ඇමතුමක් ලබා දී ඔහුගේ දුවට සාධාරණයක් කළ බවත් සුසිත නැමැත්තා ඝාතනය කර ඇතැයි පැවසූ බවද ඔහු පොලීසියට පවසා තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසිය විමර්ශණ මෙහෙයන අතර ඊට අදාළ සැක සහිත මෝටර් රථයක්ද මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති බවත් සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: