hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2024 ජූලි 01, පෙ.ව. 12:04



ස්වේතා මේලි කියන්නෙ අපි හැමෝම ආදරේ කරන මේරියන්ස් කණ්ඩායමේ නායක නලින් පෙරේරාගෙ දුව බව මේ වෙද්දි බොහො දෙනා දන්නවා.

ස්වේතා මේ වෙද්දි ජීවත් වෙන්නෙ ඔස්ට්‍රේලියාවේ.

ඒ ආදරණීය සැමියා රනිත් අංහගම ගමගේ එක්ක.

ස්වේතා සහ රනිත් මේ වෙද්දී දින ගණින්නේ ගෙදරට එන්න ඉන්න පුංචි අමුත්තව පිළිගන්න.

ඒ නිසාම මේ ගතවෙන සුන්දර කාලය ගැන ස්වේතා පුවත්පතක් එක්ක සාකච්ජා කර තිබෙනවා.

අලුත් බලාපොරොත්තුවක් එක්ක ගත කරන මේ දින ටික කොහොමද දැනෙන්නෙ?

හරිම එක්සයිටින් පීරියඩ් එකක්. මටයි රනිත්ටයි අලුත්ම අත්දැකීමක්. ඕනෙම කෙනෙක්ට පළවෙනි පාරට බබාලා ලැබෙන්න ඉන්නකොට එහෙමනේ. අපි ගොඩක් දේවල් දවසින් දවස ඉගෙන ගන්නවා. ඒ දේවල් එක්ක සතුටින් කාලය ගත කරනවා. බබා අපි ළඟට එනකම් තමයි දැන් ඉන්නේ.

දුවෙක් ද පුතෙක් ද?

දුවෙක් ලැබෙන්න ඉන්නේ.

මුලින්ම දුවෙක්ට ද කැමැත්තෙන් හිටියේ ?

අපි දෙන්නම හිතුවේ දුවෙක් වුණත් පුතෙක් වුණත් කමක් නැහැ කියලා. හැබැයි මම දැනන් හිටියා මට ලැබෙන්නේ දුවෙක් කියලා. රනිත්ටත් එහෙම්ම හිතිලා තිබ්බා. නමුත් ගොඩක් අය හිතලා තිබ්බේ පුතෙක් ලැබෙන්න ඉන්නේ කියලා.

නමක් ගැන හිතලා ද තියෙන්නේ?

එක එක නම් ගැන හිතලා තියෙනවා. නමුත් තවම අපිට හරියනම නමක් හම්බුණේ නැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: