2025 අගෝස්‍තු 23, පෙ.ව. 12:02
ගෙවුණු කාලයේ වඩාත් කතාබහට ලක්වුණු ජනප්‍රිය පවුලක් තමයි, හතරසිංහ ෆැමිලි එක.
එහෙම ඔවුන් ගැන සමාජ මාධ්‍ය තුළ වැඩියෙන් කතා වෙනවත් එක්කම, ඔවුනට ආදරේ කරන පිරිසට අහන්න ප්‍රශ්න කීපයකුත් තිබුණා.
ඔන්න ඒ ප්‍රශ්නවලට ටනාෂා උත්තර අරන් ඇවිත්.
ඒ, සිය යූටියුබ් නාලිකාව වන ‘Tanasha Hatharasingha’ චැනල් එක ඔස්සේ.
ටනාෂාට ආදරණීය රසික පිරිසට ස්තුතිවන්ත වෙන්නත් ලොකු හේතුවක් තිබුණා.
ඒ, ඇගේ යූටියුබ් නාලිකාවට Subscribe ලක්ෂයක් වීම නිසාවෙන්.
ඉතින් කාටත් ස්තුති කියනගමන් ම ටනාෂා, රසික පිරිස තමන්ගෙන් නිතර අහන ප්‍රශ්නෙකට උත්තර දීලා තිබුණා.
ප්‍රශ්නෙ තමයි ඇය දැන්ම දරු සුරතල් බලන්නෙ නැද්ද කියන එක…
”ළමයෙක් හදනවා කියන්නෙ අපි මානසිකව, ආර්ථිකව, මානසිකව… හැම පැත්තෙන්ම ස්ථාවර වෙන්න ඕනි. මොනදේ තිබුණත් මානසිකව අපි සූදානම් නැත්නම් අපිට ඒක කරන්න බෑ. ඒක චූටි වගකීමක් නෙවෙයි. ලොකු රාජකාරියක් අම්මා කෙනෙක් වෙනවා කියන්නෙ.. තාත්තා කෙනෙක් වෙනවා කියන්නෙ.. ඒක ෆුල් ටයිම් වැඩක්.
ඉතින් මගෙ වැඩත් එක්ක තාම බැහැ. ඉතින් ඒවට ලෑස්ති වුණාට පස්සෙ බලාපොරොත්තුවෙන් ඉන්නවා.
හරි ආසයි තිසාරව දැක්කම.
හැබැයි දැන්මම ඉතින් ලොකු හදිස්සියක් නෑ. දැන් චූටි බබෙක් ඉන්නවනෙ පවුලට.
අවුරුදු දෙකක් නෙවෙයි දහයක් විස්සක් ගියත් දෙන්නෙක් කැමතියි නම් බබෙක් හදනවද නැද්ද කියන එක ඒගොල්ලො තීරණය කරයි….”
ඒ වගේම සමාජ මාධ්‍යයේ නිතර දකින්න ලැබෙන බුලි කිරීම් ගැනත්, ටනාෂා මේ විදියට කතාබහ කරලා තිබුණා.
”හිත රිදෙන තැන් තැන් තිබ්බා මුල් කාලෙදි. හැබැයි දැන් නම් අපි ඒකට පුරුදු වෙලා තියෙන්නෙ.. හැබැයි වෙන අයව සෝෂල් මීඩියාවල බුලි කරද්දි, එහෙමත් නැත්නම් ඒගොල්ලන්ගෙ හැසිරීම් ගැන ,ඒගොල්ලන්ගෙ පවුල් ජීවිතේ ගැන, ඒගොල්ලන්ගෙ දරුවෙක් ගැන හරි මොකක් හරි දෙයක් ගැන කතා කරද්දි,,,
අපි හැමෝම ඉන්නෙ පීඩනයක, ආර්ථිකමය වශයෙන් වෙන්න පුළුවන් මානසික වශයෙන් වෙන්න පුළුවන් පවුල්වල ප්‍රශ්න වෙන්න පුළුවන් ඒ ප්‍රශ්න තමයි පිටකරන්නෙ තවත් එක්කෙනෙක්ගෙන්. අපි ඒක දන්නවා.
අපිට කිසිම තරහක් නෑ. අපි තේරුම් ගන්නවා.
ඉතින් තවත් කෙනෙක්ට එහෙම දාද්දි, මුලින්ම සෝෂල් මීඩියා ආව කෙනෙක් නම් පොඩ්ඩක් හිත රිදෙන්න පුළුවන්නෙ. ඒ නිසා අපි දාන හැම වචනයක්ම තවත් කෙනෙක් හිත ඇතුළට ගන්නවා කියන එක මතක තියාගන්න. අපිට නම් ගාණක් නෑ දැන් පුරුදු වෙලා.
මම දැකලා තියෙනවා එහෙම මානසිකව වැටුණු කට්ටිය ඉන්නවා.
මට නම් එහෙම නරක කමෙන්ට්ස් එනවා අඩුයි.
ඉතින් ගොඩක්ම කියන්න තියෙන්නෙ රැකියාවක්, පෞද්ගලික ජීවිතයක්, ළමයෙක්වත් ,තමන් කරන කියන දෙයක්වත් කිසිම කෙනෙක්ට ප්‍රශ්නයක් නැත්නම් තව කෙනෙක් ප්‍රශ්නයක් කරගන්න නරකයි.
මොකද ඒවා ඉතාමත් සංවේදී මාතෘකාවන්.
තවත් කෙනෙක්ට සංවේදී වෙන මාතෘකාවක් තවත් කෙනෙක් හරියට කිසිම දෙයක් නොදැන කතාවක් ගොතනවා කියන්නෙම එතන ඒ මනුස්සයාගේ මනුෂ්‍යත්වය ගැන තමයි ප්‍රශ්නෙ මතුවෙන්නෙ….”
2025 අගෝස්‍තු 23, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 22, ප.ව. 1:00
2025 අගෝස්‍තු 22, ප.ව. 12:41
2025 අගෝස්‍තු 22, පෙ.ව. 12:19
2025 අගෝස්‍තු 22, පෙ.ව. 12:10
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25