hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:05



වයස අවුරුදු දහසයක පාසල් සිසුවෙකු වසර 4ක් තිස්සේ ලිංගික අපයෝජනයට යොදා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගත හොත් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කොළඹ ප්‍රධාන පෙළේ පාසලක පරිගණක ගුරුවරිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය හමුවේ ඊයේ (06) අපේක්ෂිත ඇප අයදුම් පත්‍රයක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ වන විට වයස 20 පමණ වන මෙම තරුණයා තමාට විවාහ යෝජනා කරන බවත් තමන් එයට අකමැති වීම හේතුවෙන් ඔහුත් තමා එකට සිට ලබාගත් ඡායාරූප සහ වීඩියෝ පට තම නිවසට ලැබීමට සලස්වා ඇති බවත් පැමිණිලිකාරිය සිය අපේක්ෂිත අයදුම්පත්‍ර යෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව තමා වින්දිතයෙක් වී ඇති බවට සඳහන් කරමින් මෙම සිද්ධියේ පළමු පැමිණිල්ල ළමා හා කාන්තා කාර්යාංශය වෙත තමන් විසින් ඉදිරිපත් කරනු ලැබූ බවද එම අපේක්ෂිත අයදුම්පත්‍ර යෙන් අධිකරණයට කරුණු සඳහන් කර ඇත.

මේ හේතුවෙන් තමන් අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බවට ලද තොරතුරු මත එසේ වුවහොත් තමන්ට සුදුසු ඇපයක් මත මුදා හරින ලෙසට මෙම අයදුම්කාරිය අධිකරණයෙන් ඉල්ලා ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: