hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 16, ප.ව. 5:05



මැණිකේ මගේ හිතේ ගීතයේ හින්දි අනුවාදනය රැගත් තෑන්ක් ගෝඩ් බොලිවුඩ් චිත්‍රපටයේ මැණිකේ ගීතය යූ ටියුබ් සමාජ මාධ්‍යයට එක් කර පැයක් ගතවීමටත් මත්තෙන් නැරඹුම්වාර මිලියනය පසුකර තිබෙනවා.

තෑන්ක් ගෝඩ් චිත්‍රපටයේ මැණිකේ ගීතය සඳහා ගායනයෙන් යොහානි, ජුබිලින් නව්ටියාල් සහ සූර්යා රඝුනාතන් එක්ව ඇති අතර, සංගීත අධ්‍යක්ෂණය සිදුකර ඇත්තේ තනිෂ්ක් බක්ෂි සහ චමත් සංගීත් විසිනුයි.

පද රචනය රෂ්මි විරාග් සහ දුලාන් ඒ. ආර්. එක්ස්. විසින් සිදුකර ඇති අතර, යූ ටියුබ් වෙත මුදාහැරි තෑන්ක් ගෝඩ් චිත්‍රපටයේ මැණිකේ ගීතය සඳහා රංගනයෙන් දායක වන්නේ ප්‍රකට බොලිවුඩ් නළු නිළියන් වන අජේ දෙව්ගන්, නෝරා පටේහි සහ සිද්ධාර්ත් මල්හෝත්‍රායි.

“මැණිකේ” යළිත් ඉන්දියාව කළඹයි (VIDEO)