hit counter

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා

2025 මාර්තු 31, පෙ.ව. 12:10



ශ්‍රි ලංකාවේ ජනප්‍රියතම ටෙලි සම්මාන උලෙළ එසේ අවසන් වෙන්නේ සුදුස්සාට සුදුසු තැන හිමිකර දෙමින්…

ඒ අනුව 21 වන Raigam Tele’es විශිෂ්ඨතම ටෙලිනාට්‍ය නිළිය ලෙස තරින්දි ප්‍රනාන්දු සම්මානයෙන් පිදුම් ලැබුවා.

21 වන Raigam ටෙලිනාට්‍ටෙලි සම්මාන උළෙලේදී 2024 වසරේ හොදම නිලිය සම්මානය, තරින්දි ප්රාන්දු දිනාගත්තා. ඒ ජාතික රූපවාහිනියේ විකාශය වූ වියළි ටෙලිනාට්‍යේ ‘මාලා’ යන චරිතය වෙනුවෙන්.

තරින්දි ජයග්‍රහණය කල පලමු රයිගම් සම්මානය මෙයයි.

ස්වර්ණවාහිනියේ විකාශය වූ සුසුම් රස්තියාදුවේ ‘ගිම්හානි’ ලෙස චරිත නිරූපණය කළ දිනිති වල්ගමත්, See You හි ‘ස්නේහා/ නෙතුමලි’ ලෙස චරිතය නිරූපණය කළ ශලනි තාරකාත් තරින්දි සමග මෙම සම්මානය සදහා නිර්දේශ වී තිබුණා.

මේ විශිෂ්ඨ ජයග්‍රහණයෙන් පසු තරින්දි සිය රසිකයින්ට ස්තූති කරන්නත් අමතක කරේ නැ…

උපුටාගැනීමයි.

වෘත්තියට ආදරේ කරන්න….වෘත්තිය ඔයාට පෙරලා ආදරය කරනවාමයි……

විශිෂ්ඨම රංගන ශිල්පිනිය ලෙසින් සම්මානයට පාත්‍ර වුන ප්‍රථම අවස්ථාව..
Raigam Tele’es මේ අගය කිරීම මගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක් , ලොකු Motivation එකක් වෙයි

වියලි – මාලාට ආදරේ කරන ඔයාලගෙත් ජයග්‍රහණයක් මේ..මේ සම්මානය පිටිපස්සෙ ඔයාලගෙ ප්‍රාර්ථනා ගැබ්වෙලා තියනවා…
ඉතින් මගෙ හදවතේ ලොකූ ඉඩක් ඔයාලට තියනව..ආදරෙයි.

වියලි අධ්‍යක්ෂක “චන්දන ඉරුගල් බන්ඩාර” මහත්මය ඇතුලු වියලි Team එකටම ස්තූතියි “මාලා” චරිතය ජීවමාන කරන්න මට දුන්න සහයෝගයට

ක්ෂේත්‍රයේ මාත් සමග නිර්මාණවලට සම්බන්ධ වුණ සියලුම රංගන ශිල්පීන් ශිල්පිනියන්ටත් , අනිකුත් සියලුම කලාකරුවන්ටත් ස්තූතියි , ඔබ සැමගෙන් ඉගෙනගත් දෑ බොහෝමයි…

දෙවියන්වහන්සේගේ අසීමිත ආදරය ආශිර්වාදය
අම්මගේ අසීමිත ආදරය ආශිර්වාදය
අක්කගෙන් , තාත්තගෙන් , චතූ ඔයාගෙන් ලැබෙන අසීමිත ආදරය ආශිර්වාදය
මගෙ සමීපතමයන්ගෙන් ලැබෙන ආශිර්වාදය , ප්‍රේක්ෂකයන්ගෙන්, හිතමිතුරන්ගේ …..මුළු මහත් විශ්වයෙන්ම මම ආශිර්වාදිතයි
මේ සතුට වචන වලින් කියල නිම කරන්න බෑ…..

ඉතින් මම ඔයාලට පණිවිඩයක් දෙන්නම් :-
ජීවිතේ කිසිම අවස්ථාවක රිනාත්මක හැඟීම් වලට ඔයාව හසුරවන්න දෙන්න එපා….ඒ හැමදෙයක්ම ඔයාට ජයග්‍රහණය පහසු කරන අවියක් වෙන විදියට හසුරවගන්න…මේක උත්සහ කරන්න…

ඉතින් ඉදිරියේදී ඔයාලට ,තව තවත් විවිධ වූ චරිත තුලින් වින්දනයක් රසාස්වාදයක් ලබාදෙන්න මගේ උපරිමයෙන් උත්සහ කරනව..ඔයාලගෙ අදහස් , යෝජනා , චෝදනා , ප්‍රාර්ථනා මට ලොකු හයියක්…

ඊයෙ ඉඳල මට calls වලින්, messages වලින් , facebook ,IG වලින් සුබපැතුම් එක්කල , නොකල සියලු දෙනාටම ස්තූතියි ආදරෙයි

– තරින්දි ප්‍රනාන්දු – මාලා





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: