2025 අගෝස්‍තු 26, පෙ.ව. 12:03
තරින්දි ප්‍රනාන්දු කියන්නෙ, මේ වෙද්දි ලංකාවේ බහුතරයක් තමන්ගෙ ප්‍රේක්ෂකාගාරය බවට පත්කරගෙන ඉන්න අපූරු තාරකාවක්.
දක්ෂතාව සේ ම ජනප්‍රියත්වය තුළින් ඈ යන ගමන අති සාර්ථක එකක් බව විශේෂයෙන් පැහැදිලි කළ යුතු නෑ.
ඊට සාක්ෂි ඕනෑ තරම්.
ඕනෙම චරිතයක් තුළ හරි අපූරුවට ජීවත් විය හැකි දක්ෂ රංගන ශිල්පිනියකි ඇය.
මේ දවස්වල තරින්දි වඩාත් කතාබහට ලක්වන්නේ, ‘මදර් ලංකා’ චිත්‍රපටය තුළින්.
ඒ, ‘ශාලු’ නම් භූමිකාව එක්ක.
”මුලින්ම මට ෆිල්ම් එක කරනවා කියලා කිවුවේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ අනුෂ සංජිව එදිරිමුණි සහ ඔහුගේ බිරිඳ ක්‍රිෂාන්ති කුලසූරිය මහත්මිය. ඇය තමයි මදර් ලංකා චිත්‍රපටයේ තිර පිටපත් රචිකාව. ඒ එක්කම මේ වෙලාවේ නිලුෂා අක්කව ආදරෙන් මතක් කරන්න ඕනේ. මාව අනුෂ අයියාට සම්බන්ධ කර ගන්න නොහැකි අවස්ථාවක නිලුෂා අක්කා තමයි මාව අනුෂ අයියාට සම්බන්ධ කරලා දුන්නේ. ඊට පස්සේ අනුෂ අයියා තමයි මේ ශාලු කියන චරිතේ ගැන මුලින්ම මා එක්ක කතා කළේ. එදා මට කිවුවා ශාලු කියන්නේ අම්මා කෙනෙක්. ඒ එක්කම එයා ‘සිංගල් මාම්‘ කෙනෙක් කියන එක. එදා ඒ කතාව ඇහුවම ඒ චරිතය කරන්න මට ඉතා ලොකු ආසාවක් ආවා. මම බලාගෙන හිටිය තවත් එක් සුවිශේෂී අවස්ථාවක් තමයි ශාලු කියන චරිතය. ශාලු කියන චරිතයට මම සාධාරණයක් කරයි කියලා විශ්වාස කරලා මට මේ අභියෝගාත්මක චරිතය ලබාදීම ගැන අනුෂ අයියාට මම ස්තූතිවන්ත වෙනවා.”
”මම ශාලු කියන චරිතය කරද්දී මට යන්න පුළුවන් රංග පරාසයන් සහ විවිධ හැඟීම් ගැන හිතුවා. ඒ එක්කම එකම චරිතේ වයස් සීමාවන් දෙකක් මට නිරුපණය කරන්න තියෙනවා. නමුත් අංග රචනා ශිල්පී නයන උජිත් සහ අනුෂ අයියා ක්‍රිෂාන්ති අක්කා ඇතුළු මුළු ‘මදර් ලංකා‘ කණ්ඩායමම හැකි පමණින් ඒ වෙනස පෙන්නුම් කරලා තියෙනවා. පිටපත කියවද්දිම ශාලු කියන චරිතේ බර මගේ හිතට කා වැදුණා. අම්මා කියන චරිතය අපිට කොහොමත් සැහැල්ලුවට ගත හැකි චරිතයක් නෙවෙයි. මෙතැන තවත් විශේෂ වෙන්නේ ශාලු සිංගල් මාම් කෙනෙක් වීම. පිටපත කියවලා ඉවර වෙද්දී මට මගේ ගැනම ලොකු ආඩම්බරයක් ඇති වුණා. හේතුව ශාලු කියන චරිතයට තරින්දි ප්‍රනාන්දු වන මාව මතක් වුණානේ කියන එකත් එක්ක…”
තරින්දි කියන්නෙ සමාජ මාධ්‍ය තුළත් වඩාත් කතාබහට ලක්වන තාරකාවක්. විශේෂයෙන්ම ඈ ගැන කතාබහේදී, “ඉන්දියාවට ඉන්නවා කාජල් ලංකාවට ඉන්නවා තරින්දි“ කියන කතාව හරි හුරුපුරුදු එකක්.
”මම කාජල් වගේ කියන එකත් ගොඩක් අය කියනවා. නමුත් මම නම් කැමති මම මම ම වෙන්න. හැබැයි ඉතින් හින්දි නිළියක් වගේ කියනවා නම් ඉතින් අපි හැමෝම කැමතියිනේ. බොලිවුඩ් සිනමාව කියන්නේ අපි හැමෝම ආදරේ කරන කලාකරුවන් කලාකාරිනියන් ඉන්න තැනක්.”
තරින්දිගේ හීනෙ වුණේ හොඳම නිළිය වීම. ඒ හීනෙ පහුගිය දවසක හැබෑවක් වුණත්, එදා ඈ හිටියෙ විදෙස්ගතව…
”සුමති සම්මාන උලෙළේදී සුපුන් රත්නායකගේ තත්පරයක් දෙන්න නාට්‍යයේ පූජනී චරිතය වෙනුවෙන් හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවා. නාට්‍යයේ අධ්‍යක්ෂ සුපුන් රත්නායක, නිෂ්පාදක රුවන් චින්තක මහතා සහ තත්පරයක් දෙන්න නාට්‍යයේ කණ්ඩායම බොහොම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තිලංග සුමතිපාල මහතා ඇතුළු සුමති සම්මාන උලෙළේ ජූරියට ස්තූතිවන්ත වෙනවා මට ඒ සම්මානය දුන්නට. එදා මම හිටියේ කැනඩාවේ. මම එන්න හිටිය ගුවන් යානය නොවැලැක්විය හැකි හේතුවක් නිසා එදා ඒ ගමන කැන්සල් කරනවා. මම ගොඩක් බලාපොරොත්තු තියන් හිටියා සම්මාන රාත්‍රියට එන්න. මට ඒ වෙද්දී ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්ක මගේ හිතෙත් විශ්වාසයක් තිබ්බා පූජනී වෙනුවෙන් සම්මානය ලැබෙයි කියලත්. ඒ නැතත් සම්මාන තිබුණත් නැතත් මම හැම සම්මාන උලෙළකටම සහභාගී වෙන කෙනෙක්.
එදා සම්මාන උලෙළට එන්න ඔක්කොම ලෑස්ති වෙලා තියෙන මොහොතක ගුවන් යානය ආපහු හරවද්දී දැනුණු හැඟීම වචන කරන්න බැහැ. මට එදා ඇත්තටම ඇඩුණා. මාව ගුවන් යානයේ හිටි හැමෝම හොඳින් බලා ගත්තා. හැමදේම වෙන්නේ හොඳටයි කියලා මගේ අක්කා තමයි මගේ සම්මානය භාර ගත්තේ. මගේ දෙවැනි අම්මා මගේ අක්කා. මගේ අම්මා මට නැති වුණාට පස්සේ මගේ අම්මා වුණේ මගේ අක්කා. ඇය කෑගහලා කිව්වේ නැති වුණත් හැමෝම ඇයව නොදැක්කත් මගේ මේ ගමනේ ලොකුම ශක්තිය මගේ අක්කා. එයාව තමයි මම ෆලෝ කරන එකම චරිතය. දෙවියන් වහන්සේ සහ මගේ අම්මා කොහේ හරි ඉඳන් හිතන්න ඇති ඇයට ඒ ගෞරවය දිය යුතුයි කියලා. ඒ නිසා වෙන්න ඇති එහෙම වෙන්න ඇත්තේ. එයා ගොඩක් ආඩම්බරෙන් සම්මානය අතට ගත්තා. මාව මේ තාක් දුර ගෙනාවට මට දෙන්න පුළුවන් තෑග්ග ඒක කියලා මම විශ්වාස කරනවා.”
උපුටාගැනීම : අනුෂා රණසිංහ | රසඳුන
2025 අගෝස්‍තු 26, පෙ.ව. 12:08
2025 අගෝස්‍තු 25, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 24, පෙ.ව. 12:05
2025 අගෝස්‍තු 24, පෙ.ව. 12:02
2025 අගෝස්‍තු 23, පෙ.ව. 12:13
22-08-25
22-08-25
22-08-25
22-08-25
21-08-25
21-08-25
20-08-25
20-08-25
17-08-25
17-08-25
13-08-25
13-08-25
11-08-25
11-08-25
10-08-25
10-08-25
09-08-25
09-08-25
07-08-25
07-08-25
06-08-25
06-08-25
05-08-25
05-08-25