2025 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:04
ලැබෙන ඕනෑම චරිතයකට හරි අපූරුවට හැඩගැහෙන සම්මානනීය තාරකාවකි, තරින්දි ප්‍රනාන්දු.
ඒ වගේම ක්ෂේත්‍රය තුළ සිය හොඳ නම රඳවාගත් රංගන ශිල්පිනියක් ලෙසත් ඈ ජනප්‍රියයි.
එහෙම කාලයක් තිස්සේ නම රැකගෙන ආව ගමන ගැන තරින්දි කියූ කතාවයි මේ…
”මම ඉස්සර බැංකුවේ වැඩ කරන්නෙ. බැංකුවේ වැඩ කරනකොටත් හවස් වරුවේ හෝ විවේකයක් ලැබුණු ගමන් අම්මත් එක්ක මොඩ්ලින් බෑන්ක්වලට යනවා. ස්ක්‍රීන් ටෙස්ට්වලට යනවා. ෆොටෝ ෂූට්වලට යනවා. ඉතිං ඒ අතරතුර මම කිසිම නාට්‍යයකට ගෑවිලාවත් නැති කාලයක අම්මාට කිව්වා “අම්මේ මම කවදා හරි දවසක ස්ටේජ් එකට නැඟලා සම්මානයක් අරගෙන ඔයාට එන්න කියලා ඒ සම්මානය ඔයාට දෙනවා කියලා.”
ඉතිං අම්මා ඒ වෙලාවේ කිව්වා අරගෙන දීපංකෝ බලන්න කියලා. ඉතිං මට ඒ කතාව තදින්ම දැනෙනවා මම සම්මානයක් ගත්ත ගත්ත වතාවට.
මම හිතනවා අම්මාටත් ඒ වචනය තදින්ම දැනිච්ච නිසා තමයි මට මෙච්චර හයියක් එන්නේ. මොකද ගැහැනු ළමයකුට මේ ක්ෂේත්‍රයේ පරිස්සම්වෙලා මෙච්චර දිගු ගමනක් තනියම එන්න හරිම අමාරුයි.
මොකක් හරි උදව්වක් මොකක් හරි සහයෝගයක් තල්ලු කිරීමක් තියෙන්න ඕනෑ. නමුත් මම මුල ඉඳලා තනියම හැමදේම දරාගෙන හරිම සංයමයකින් මගේ චරිතයත් ආරක්ෂා කරගෙන මම මේ තැනට ඇවිත් තියෙන නිසා වෙන්න ඇති මට මෙච්චර හොඳ චරිත පවා හම්බවෙනවා ඇත්තේ.
මම හැම වෙලේම කියනවා මම හරිම ආශීර්වාදිතයි කියලා. මම මේ වෘත්තියට ගරු කරනවා සහ ආදරය කරනවා. ඒකම තමයි මට පෙරළා ලැබෙනවා ඇත්තේ.”
උපුටාගැනීම : මීවිත | දිනේෂ් විතාන
2025 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:02
2025 අගෝස්තු 31, පෙ.ව. 12:08
2025 අගෝස්තු 31, පෙ.ව. 12:03
2025 අගෝස්තු 30, පෙ.ව. 12:06
2025 අගෝස්තු 30, පෙ.ව. 12:04
26-08-25
26-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
21-08-25
21-08-25
20-08-25
20-08-25
17-08-25
17-08-25
13-08-25
13-08-25
11-08-25
11-08-25
10-08-25
10-08-25
09-08-25
09-08-25
07-08-25
07-08-25
06-08-25
06-08-25