2026 මාර්තු 03, ප.ව. 3:10
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ පුංචි තිරය වගේම රිදී තිරයත් එකසේ ජයගත්, ප්‍රේක්ෂක හදවත්වල සදාකාලික ආදරය දිනාගත් සුරූපී රංගන ශිල්පිනියක් තමයි තරින්දි ප්‍රනාන්දු කියලා කියන්නේ.
ඇයගේ රංගන දක්ෂතාවයට වගේම ඇය සතු ඒ නිහතමානී ගතිගුණවලටත් බොහෝ දෙනෙක් ආදරය කරනවා.
නිරන්තරයෙන් සමාජ මාධ්‍ය හරහා තමන්ගේ රසිකයන් සමඟ සමීපව කටයුතු කරන තරින්දි, අද දින සිය මුහුණු පොතට අතිශය සංවේදී සහ ආදරණීය සටහනක් එක් කර තිබුණා. ඒ ඇයගේ ජීවිතයේ වීරයා වන ඇයගේ ආදරණීය පියා ගැනයි.
පියාගේ පැරණි පින්තූරයක් ද සමඟින් ඇය තැබූ ඒ සටහන දුටු බොහෝ රසිකයන් පවසා තිබුණේ ඇයගේ මේ නිහතමානීකම පිටුපස සිටින සැබෑ හයිය ඇයගේ පියා බවයි. පියා ගැන අතීත මතකයන් අවදි කරමින් තරින්දි තැබූ ඒ ආදරණීය සටහන මේ වන විට සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා.
තරින්දි සිය පියා වෙනුවෙන් තැබූ ඒ සටහන පහතින් බලන්න…
”අත් වල මඩ,කුනු,සිමෙන්ති ගාගෙන අපිව උස් මහත් කරන්න විඳපු දුක් මට තාම මතකයි තාත්තෙ…කවදාවත් දශමයක්වත් වෙනස් නොවුනු ඒ උතුම් ආදරේට මගෙ තාත්තට ගොඩක් ස්තූතියි. බලන්නකො එයාගෙ මූණෙ තියන ලස්සන ආඩම්බර සතුට. ඔව් ඔයාගෙ දුව දැන් ගොඩක් දුර ගිහින්…….ඒ කාලෙ මාව බයිසිකලේ තියාගෙන Km ගානක් මහන්සිය පෙන්නන්නැතුව ,සිංදු කිය කිය ,මාව හිනා ගස්ස ගස්ස විහිළු කර කර ,පැද්ද මතකයිද තාත්තෙ…ඔයාගෙ බත් එකේ ,මම ආස කරන එළවළු මාළු මට කවල , ඔයා නිකම් බත් එක කෑව මට මතකයි තාත්තෙ….
මම සත්තුන්ට ආස නිසා එක එක ලස්සන සත්තුගෙන් පිරුනු සත්තු වත්තක් ගෙදර හැදුව මට මතකයි තාත්තෙ.මගෙ පස්සෙන් කොල්ලො එද්දි ,උන් එක්ක රංඩු කරගත්ත මට මතයි තාත්තෙ. මම දිහා බලන කොල්ලොන්ට ඔයා දෙන බැල්ම අදටත් මැවිල පේනව. වචන වලින් ගලපල නිම කරන්න බැරි ලස්සන මතක ගොඩක් ඔයා මට ඉතුරු කරල තියනවා…
මඩ,කුනු,සිමෙන්ති ගාගෙන මාව උස් මහත් කරන්න,ලස්සන ජීවිතයක් දෙන්න මහන්සිවුන,කරගැට පිරුනු අත් දෙකට නිදහසක්,සනීපයක් දෙන්න මම මග බලාගෙන හිටිය. දැන් ඒ අත් දෙකෙන් මම ගිහින් තියන සම්මාන දැක්කම එයාගෙ මූණෙ තියන සතුට ,මගෙ නිර්මාණ රස විඳිනකොට ,මාව TV එකේ දකිනකොට ඔයාගෙ මූණෙ තියන සතුට,ආඩම්බරය …
රෑට TV එක ලඟින් හෙල්ලෙන්නැහැ දැන් මගේ ලඟම,හොඳම ප්‍රේක්ෂකයා දැන් එයා වෙලා……. ඉස්සර දැන් කියල වෙනසක් නැහැ..දැනටත් මගේ ජීවිතේ පහසු කරන්න,ඔයාට පුළුවන් විදියට මට උදව් වෙනව. ඔයා මම වෙනුවෙන් විඳපු දුක් කන්දරාවට දැන් සැනසීම,සතුට,විවෙකය,නිදහස දෙන්න මම ඔයත් එක්ක ඉන්නව තාත්තෙ…. ඉතින් මේ ඉන්නෙ මගේ නිහඬ වීරයා…ඒ තමයි මගෙ තාත්තා…”
2026 මාර්තු 03, පෙ.ව. 12:08
2026 මාර්තු 02, පෙ.ව. 12:15
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
18-02-26
18-02-26
10-02-26
10-02-26
07-02-26
07-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
29-01-26
29-01-26
23-01-26
23-01-26
21-01-26
21-01-26
17-01-26
17-01-26