hit counter

2024 සැප්‍තැම්‍බර් මස 16 වන සඳුදා

2024 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:03



ශ්‍රී ලංකා මැදි දුර ධාවන ශූරි, තරුෂි කරුණාරත්න පසුගිය දා අමෙරිකාව බලා පිටත්ව ගියා.

ඈ එහෙම අමෙරිකාව බලා ගියේ ඇයගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සේ ම සිය ක්‍රීඩා පුහුණුව වෙනුවෙන්.

ඒ අනුව තරුෂි මේ වෙද්දි වෙසෙන්නෙ අමෙරිකා එක්සත් ජනපදයේ නිව් ඔර්ලියන්ස්වල.

එහි ‘Tulane’ විශ්වවිද්‍යාලයේයි, තරුෂි සිය උසස් අධ්‍යාපනය හදාරන්නෙ.

සිය අධ්‍යාපන කටයුතු ගැනත් ක්‍රීඩාවේ ඉදිරි කටයුතු ගැනත් තරුෂි අපූරු සටහනක් තියලා.

ඒ ඇගේ ෆේස්බුක් ගිණුමෙහි….

”Tulane විශ්වවිද්‍යාලයේ මගේ උසස් අධ්‍යාපනය හැදෑරීමට මම මෑතකදී අමෙරිකා එක්සත් ජනපදයේ නිව් ඔර්ලියන්ස් වෙත ගිය බව බෙදා ගැනීමට ලැබීම ගැන සතුටු වෙමි.

එහිදී මම මගේ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරන අතරම, ටියුලේන් හි විස්මිත පුහුණු කාර්ය මණ්ඩලය සමඟ මගේ මලල ක්‍රීඩා පුහුණුව දිගටම කරගෙන යමි.

එපමණක් නොව මම තවමත් ශ්‍රී ලංකාවේ මගේ පුහුණුකරු සමඟ සමීපව කටයුතු කරනවා සේ ම ඔහු දිගටම මගේ පුහුණුකරු ලෙස ද කටයුතු කරනු ඇති…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: