2023 ඔක්‍තෝබර් 10, පෙ.ව. 12:01
            
මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ දී ඔන්ලයින් ක්‍රමවේදය හරහා සිය නිරුවත අලෙවි කළ තිස් තුන් වියැති විවාහක කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බව පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ අනුව ඇය විනාඩි දහයක කාලසීමාවක් තුළ ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිය නිරුවත ප්‍රදර්ශනය කිරීමට රුපියල් දෙදහසක මුදලක් අය කර තිබෙනවා.
එමෙන්ම පැයක කාලසීමාවක් තුළ සිය නිරුවත පෙන්වීමට රුපියල් අට දහසක මුදලක් ලබා ගෙන ඇත.
එහිදී සිය මුහුණ සමග නිරුවත පෙන්වීමට එම කාන්තාව ඒ මුදල මෙන් දෙගුණයක් අයකර තිබෙනවා.
ඒ බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.
එලෙස මුදල් ගෙවා එම කාන්තාවගේ නිරුවත දැක බලාගෙන ඇති බහුතරයක් දෙනා පාසල් සිසුන් බව අනාවරණය වී තිබීම විශේෂත්වයක් වේ.
එම පාසල් දරුවන් අමතර පන්ති සඳහා ඔවුන්ගේ දෙමාපියන් ලබා දෙන මුදල් ඒ සඳහා වැයකර ඇති බව හෙළි වී ඇත.
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25