2024 අගෝස්තු 20, පෙ.ව. 12:01
තිළිණි ප්‍රියමාලි කාලයක් තිස්සේ රටේම කතාබහට ලක්වුනු චරිතයක් වුණේ ඇය. මාධ්‍ය ඇතුලේ ඕනවටවත් වඩා ඇයව පෙන්නුවාට පස්සෙත් ඇය රටේ ප්‍රශ්න අමතක කරනු පිණිස රැගෙන ආ බලවේගයක් විදිහටයි බොහෝ දෙනෙක් ඇයව හැඳින්වුයේ.
මූල්‍ය වංචාකාරියක් විදිහට හංවඩු ගැහූ තිළිණි ගැන නොයෙකුත් කතන්දර ඒ සමයේ සමාජ මාධ්‍ය ගිනිබත් කරන්නට වුණා. ඉන් නොනැවතී ප්‍රසිද්ධයි කියන විද්‍යුත් මාධ්‍ය හරහාත් නොනවත්වා ඇයගේ හඬ පට සංසරණය වන්නට වුණා.
ඒ නිසාම රටම දන්න ජනප්‍රිය නළු නිළියන්ට පවා කට උත්තර දෙන්න සී අයිඩියට යන්න සිද්ධ වුණා. තිළිණි ප්‍රියමාලි සිදු කළා කියන බොහෝ ආන්දෝලනාත්මක දේ ඒ සැණින් එළියට ඇවිත් තිබුණා.
සමහර පුවත්පත් මාධ්‍ය වාර්තා කර තිබුණේ තිළිණි ප්‍රියමාලි විසින් කන්‍යාපටල සකස් කරන බවත්, නිරූපණ ශිල්පීන් යොදාගෙන ඇය ව්‍යාපාරිකයන් රවට්ටන බවත්, රත්තරන් පොලු පෙන්වා ඔවුන් දපනේ දා ගන්නා බවත් ඒ එළියට ආපු ගොඩක් කතන්දර ඇතුලේ තිබුණා.
තිළිණිගේ මේ කතා හරියට හින්දි චිත්‍රපටයක් වගේ. ත්‍රාසය, කුතුහලය උපරිමයි. හැබැයි මේ කියන රත්තරන් පොලු ගැනවත්, ඇය හා ව්‍යාපාරිකයන් අතර තිබූ සම්බන්ධයටත් වඩා ගොඩක් දෙනෙක් ඇයගේ පෞද්ගලික ජීවිතය ගැන හොයන්න උනන්දු වුණා.
බන්ධනාගාරයෙන් නිදහස් වෙලා මුල් වරට මාධ්‍ය ඉස්සරහට ඇය එන්නේ උස, මහත පුද්ගලයෙක් එක්ක. ඇය ඉන් අනතුරුව තමන් බන්ධනාගාරයේ විඳපු දුක ගැන මාධ්‍යයට කියලා තිබුණා. ඇය තමන් විඳපු දුක පොතක් විදිහට ලියන්න බලාපොරොත්තු වෙනවා කියලත් ඇය කියලා තිබුණා.
ඊට දවස් දෙක තුනකට පස්සේ ඇගේ විවාහයක් ගැන ආරංචියක් පැතිරෙනවා. ඇත්තටම ඇය විවාහ වෙන්නේ ඇය සමඟ එහා පැත්තේ හිටපු හැඩි දැඩි පුද්ගලයත් එක්ක.ඒ වෙන කවුරුත් නෙවෙයි ඇගේ බොඩිගාඩ්වරයා.
තමන්ගේම බොඩිගාඩ්වරයා සැමියා කරගත් පුවත ඇය යූටියුබ් මාධ්‍ය හරහා හෙළි කර තිබුණා. මේ ලෝකේ බොඩිගාඩ් කෙනෙක් බැඳපු එකම ගැහැණිය තමන් නෙවෙයි කියලා ඇය ඒ සම්මුඛ සාකච්ඡාවේදී කියනවා.
ගොඩක් දෙනෙක් තම ජීවිතයේ ඇත්ත කුණු රස විදිහට නරඹන බව ඇය දැනගෙන සිටියා. ඇගේ ජීවිතයේ ඇත්ත එළිපිට කියන්න තරම් ඇය අවංක වුණා.
වතාවක් ඇයට කීර්ති රත්නායක දරුණු චෝදනාවක් කරලා තිබුණේ තිළිණි ප්රේමාලිගේ පියා හිටපු ජේවීපී නායක සෝමවංශ අමරසිංහ බවයි.
තිළිණි ප්‍රියමාලි මේ කතාව ප්‍රතික්ෂේප කරලා තිබුණා. තමන්ගේ දරුවන් ගැන, පවුල ගැන තිළිණි කියපු කතා තමයි මේ.
“මට දියණියන් දෙන්නෙක් ඉන්නවා. පුතෙක් ඉන්නවා. ඉන් එක්කෙනෙක් මුස්ලිම් ජාතිකයෙක්ට දාව ඉපදුණු කෙනෙක්. මම චූටි කාලේ නොලැබුණු දේවල් මගේ දුවට දෙනවා. එක දුවෙක් නම් මගේ ළඟ නෙවෙයි ඉන්නේ. ඒත් ඇය ඉන්නවා. මේ කාලවකවානුව මම සුන්දරව ගත කරනවා.මගේ දුවට දැන් අවුරුදු 14යි. ඇය බත් උයාගෙන ඇවිල්ලා මට අනලා කවනවා. මට හරි සතුටුයි. මේවා මොන විදිහට අර්ථකථනය කළත් මට වැඩක් නැහැ.”
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 25, පෙ.ව. 12:01
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
27-12-24
27-12-24
27-12-24
27-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
24-12-24
24-12-24
24-12-24
24-12-24