hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 26, පෙ.ව. 5:58



තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිලිණි ප්‍රියමාලිගේ අවශ්‍යතා මත ප්‍රකෝටිපතියන් සමග සබඳතා පැවැත්වූ නිළියන් සහ සුරූපිනියන් පිරිසකගේ බිඳුණු කන්‍යා පටල සැත්කම් මගින් යථා තත්ත්වයට පත්කරදී ඇතැයි කියන වෛද්‍යවරයකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව පුවත්පතක් වාර්තා කරනවා.

මහා පරිමාණ මූල්‍ය වංචාවකට අදාළව දැනට රිමාන්ඩ් භාරයේ සිටින තිලිණි ප්‍රියමාලි විසින් සිය අවශ්‍යතා සඳහා නිළියන් සහ තරුණ සුරූපිනියන් රැසකගේ සේවය ලක්ෂ ගණනින් මුදල් දී ලබාගෙන තිබෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බවද සඳහන් කර සිටිනවා.

එම නිළියන් සහ සුරූපිනියන්ගේ බිඳුණු කන්‍යා පටල අදාළ වෛද්‍යවරයා විසින් සැත්කම් මගින් යථා තත්ත්වයට පත්කර තිබෙන බවත්, ඉන් අනතුරුව ඔවුන් ප්‍රකෝටිපතියන් සමග සමීප සබඳතා පවත්වා තිබෙන බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බවද එහි සඳහන් වෙනවා.

තිලිණි ප්‍රියමාලිගේ මුදල් වංචාවට ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයන්, නළු නිළියන් මෙන්ම භික්ෂුන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් හසු වී තිබෙන අතර, ඉන් බහුතරයකට මෙතෙක් පොලිසිය වෙත පැමිණිලි කිරීමට නොහැකි වී ඇත්තේ ලිංගික සංවාද සහිත හඬපට නිසා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියකු සඳහන් කර තිබෙනවා.

අදාළ නිළියන් සහ සුරූපිනියන්, ප්‍රකෝටිපතියන් සමග ආදර බස් දොඩමින් පැවැත්වූ සංවාද සහිත හඬපට රැසක් තිලිණි ප්‍රියමාලි සන්තකයේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට සොයාගෙන තිබෙන බව එම පුවත්පත වාර්තා කරනවා.

ඒ සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී අදාළ වෛද්‍යවරයා පිළිබඳව ​තොරතුරු හෙළිදරව් වී තිබෙන බවත් ඒ අනුව අදාළ වෛද්‍යවරයා විසින් තිලිණි ප්‍රියමාලිට වංචාවන් සිදුකිරීමට දැක්වූ දායකත්වය සහ පහසුකම් පිළිබඳව ද විමර්ශන සිදුකරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන බවද එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: