hit counter

2026 ජනවාරි මස 28 වන බදාදා

2023 ඔක්‍තෝබර් 28, ප.ව. 3:18



බොහෝ දෙනෙක් ආදරය කරන ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ.

ඉතින් 2017 වසරේදී මිසිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගැනීමේ වාසනාව උදා කරගන්නේද මැයයි.

ඇය මූලික අධ්‍යාපනය හදාරලා තියෙන්නේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන්.

ඉතින් ඒ වගේම වෘත්තියෙන් ක්ෂේත්‍රයන් කිහිපයකටම දායකත්වය සපයන ඇය මවක් බිරිදක් ගායිකාවක් රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක් වගේම අපේ රටේ ඉන්න ලාබාලතම විශාරදවරියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් නිරූපිකාවක් විදිහට අද ඇය හොඳ තැනක ඉන්නවා.

මේ දිනවල ත්‍රිකලා අලුත් වැඩක් පටන් අරන් තියෙනවා.

ඒ තමයි පිරිසක් ඉස්සරහ රැකිය යුතු ආචාර ධර්ම ගැන කියලා දෙන ටික්ටොක් වීඩියෝ.

මේ දවස්වල ජනප්‍රිය මස් කට්ටක් කන වීඩියෝවත් අන්න එහෙම විවේචනයට ලක්වුණු එකක්.

වීඩියෝවත් එක්ක, ඊට ලැබෙන කමෙන්ට් ඇසුරෙන් නිර්මාණය වුණු පෝස්ට් එහෙමත් සෑහෙන දකින්න ලැබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: