hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 16, පෙ.ව. 12:00



සිනමාව තුළ පමණක් කැපී පෙනෙන චරිත නිරූපණය කරමින් අති දක්ෂ කලාකාරිනියක් බවට පත් වූ ඇය නමින් උදාරි වර්ණ කුල සූරිය.මුලින් ඇය ටෙලි නිර්මාණත් එක්ක සම්බන්ධ වෙලා හිටියත්  පසුකාලීනව නම් සිනමා නිර්මාණ වලට පමණයි දායකත්වය දුන්නේ.මේ දවස්වල උදාරි සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතාබහ කරන්න පටන් ගත්තේ. රිදී තිරය මතු දිගහැරුණු ආසූ ටෙලි නිර්මාණයේ ඇය පිළිකරෝගියෙකුගේ චරිතය නිරූපණය කළ නිසයි.

ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් එක්ක ඇය බොහොම සතුටින්ම ඒ දවස්වල කාලය ගත කරනවා කියලත් ආරංචි. උදාරිගේ ආදරණීය දියණිය සහ සැමියා විදෙස්ගත වෙලා ඉන්නේ. නිර්මාණයක් බාරගත්තු අවස්ථාවකදී උදාරි ලංකාවට ඇවිල්ලා ඒ වෙනුවෙන් සහයෝගය දක්වනවා.ඒ වගේම තමයි උදාරිට කොයිතරම් කලා ලෝකයත් එක්ක  සම්බන්ධතා තිබුණත් ඇය පාටි වලට සහභාගී වෙන්නේ නැහැ.ඒ සම්බන්ධයෙන් උදාරි කිව්වේ මේ වගේ කතාවක්.

“මම හිතන්නේ ඒක මම පුංචි කාලේ ඉඳලා හැදුනු විදිහ වගේම මමම හදාගත්තු ප්‍රතිපත්තියක්.ඇත්තටම මේ වෙනකම් මම කිසිම යහළුවෙකුගේ යෙහෙලියකගේ විවාහ මංගල්‍යය උත්සවයකට සහභාගි වෙලා නෑ. birthday party වලට වගේම චැනල් වලින් සංවිධානය කෙරෙන කිසිම උත්සවයකට සහභාගී වෙන්නෙත් නෑ.කොටින්ම කිසිම ඥාතියෙකුගේ උත්සවයකට ප්‍රිය සම්භාෂණයකට මං සහභාගී වෙන්නේ නෑ ඒ මගේ හැටි”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: