hit counter

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 20, ප.ව. 3:56



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පසු ගිය දා සිදු වූ නවක වධ සිදුවීමක් සම්බන්ධයෙන් වන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වෙමින් පවතිනවා.

මෙම වීඩියෝවේ අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පහර දෙන ආකාරය දක්නට ලැබෙනවා.

පහරදීම හේතුවෙන් තුවාල ලැබූ සිසු සිසුවියන් හතර දෙනෙකු රෝහල් ගත කර ඇත ඊට සම්බන්ධ සිසුන් සිසුන් කිහිප තිදෙනෙකුගේ පන්ති තහනම් කර තිබෙනවා.

නවක සිසු සිසුවියන් පිරිසකට තමන් අසල අසුනේ සිටි අනෙක් සිසුවා ගේ ඉදුල් අත ඉදුල් යන තුරු ලෙවකන්නයි ජේෂ්ඨ සිසුන් දන්වනු ලැබූ බවද නවක සිසුන් කියයි.

පහර දීම සිදු කර ඇත්තේ, නවක වධයට පක්ෂ තෙවන හා සිව්වන වසර සිසු පිරිසක් බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කළා.

නවක වධයට පක්ෂව හා විපක්ෂව ඉදිරිපත් වූ මත හේතුවෙන් ඇති වූ විරසකයක් දුර දිග ගොස් මෙම පහර දීම සිදු වී ඇතැයි දැනට සිදුකර ඇති පරීක්ෂණ මගින් හෙළි වී තිබෙනවා.

.