hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 ජූනි 27, පෙ.ව. 11:41



කොච්චි සංගීත කණ්ඩායම මේ වෙද්දි ලංකාවේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක්, කොහොම උනත් කොච්චි කණ්ඩායමේ ආරම්භක සාමාජිකාවක් වන ටෂ්නි පෙරේරා මේවන විට කොච්චි සංගීත කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා.

මේ ඉවත්කිරීම ගැන ටෂ්නි ලංකාවේ ප්‍රසිද්ධ යූ ටියුබ් නාලිකාවකට කියලා තිබුනෙ නම් “ඒ ගොල්ලොන්ට ලේසිමදේ මාව කොච්චි බැන්ඩ් එකෙන් අයින් කරන එක වෙන්න ඇති | ගෑනු ගෑනු එකට ඉන්න අමාරුයි” කියලයි.

මේ වෙද්දි ඒ වීඩියෝ එක #trending ලිස්ට් එකට පවා ඇවිත් තියෙනවා. ඒ වගේම ටෂ්නිගේ ෆේස්බුක් පිටුවෙත් මේ වීඩියෝ එක පළ කර තිබුණා.

හැබැයි ඒ පල කර තිබූ වීඩියෝවට කොච්චි කණ්ඩායමේ නායිකාව වන උපේඛාගේ සැමියා අපූරු අදහසක් එක් කළ තිබුණා.
ඒකේ තියෙන විදියටනම් ටෂ්නිව සංගීත කණ්ඩායමෙන් ඉවත් කරන්න හේතුව විදෙස් සංචාර වලට යද්දි ටෂ්නි එයාගේ සැමියා සහ පුතා ඒක්ක යන්න ඔන කියලා ඇවිටිලි කරන එකලු.

ඒ කමෙන්ට් එක පහතින්,

මේ interview එකේ ඔයාගෙ ඔය සින්දුවක් ගැනනම් කතා කරන්නෙ නෑනෙ 🤔
මම මේ දාන්නෙ ඔයා මේ interview එකේ කියල තියන දේවල් ගැන
මේ සිදුවීමෙ මුල මැද අග විතරක් නෙමෙයි එතනින් එහාටත් ගොඩක් දේවල් දන්න කෙනෙක් තමයි මම. ටශ්නිව කොච්චි team එකෙන් අයින් කරන්න වුන හේතුව තමයි විදෙස් සන්චාර වලට සහබාගී වීමේදී එයාට husband සහ පුතා නැතුව යන්න බෑ කියන ඉල්ලීම. ඒක එයාගෙ පවුලෙ ඉල්ලීම, අපි team එකක් විදියට ඒ ඉල්ලීමට එකග වෙන්න අමාරුම තැන තමයි ඒ තීරනය ගත්තේ. මොකද අපිට විදෙස් සන්චාර වලට කතාකරන ගොඩක් දෙනෙක් එකට කැමති නෑ, ඒක එයාලට වැඩි වියදමක් වගේම වැඩි වගකීමක්. Team එකෙන් කෙනෙක්ව අයින් කරන තීරනය අපි ගත්තෙ ගොඩක් සාකච්චා කරලා.
හැබැයි ඒ තීරනය ටශ්නි සහ එයාගෙ husband අරන් තියෙන්නෙ වෙන විදියකට. එයාලගෙ යටි අරමුණු සම්පූර්ණ කරගන්න බැරි උන හින්දද දන්නෙ නෑ අයින් වුන දවසෙ ඉදන් එක එක gossip සයිට්ස් වල, YouTube චැනල්ස් වල කොච්චි team එකේ සහ උපේකගෙ නම කැත වෙන විදියට තමයි ටශ්නි හැසිරුනේ. ඒ විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් කරලා කියලා තියන දේවල් අපිට අනිත් පැත්තට ආරන්චි උනා. අද වෙනකන් කොච්චි team එකේ කිසිම සාමජිකයෙක් ඒ ගැන කිසිම තැනක කියලා නෑ. මොකද අපිට ටශ්නි ගානට වැටෙන්න ඕන නැති හින්ද. අවුරුදු 2ක් ගිහිනුත් තාමත් කොච්චි නම පාවිච්චි කරන්නෙ තාමත් එයාට එයාගෙ කියල අනන්‍යතාවක් හදාගන්න බැරිවුණ හින්ද වෙන්න ඇති.
කොච්චි team එක කියන්නේ එක පවුලක් වගේ එකට වැටිලා කාලා බීලා හැමදේම බෙදාගන්න team එකක්. කොටින්ම කිව්වොත් වැඩක් කරනකොට හරිම විනෝදෙන් තමයි කාලෙ ගෙවන්නෙ. ඒක ඔප්පු කරන්න කාගෙන්වත් චරිත සහතික ඕනෙ නෑ. මම හිතන්නෙ team එක තවත් ශක්තිමත් උනේ ඔයා team එකෙන් ගියාට පස්සෙ වෙන්න ඇති.
ටශ්නි, ඔයාගෙ ඔය negative campaign එක හරිම තාවකාලිකයි. ඔයාගෙ සල්ලි ඕවට වියදම් නොකර හොඳ නිර්මාණ කරලා දැන්වත් හොඳ විදියට නමක් හදාගන්න





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: