hit counter

2026 පෙබරවාරි මස 18 වන බදාදා

2026 පෙබරවාරි 19, පෙ.ව. 12:14



ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක කලාකරුවාණන්ගේ උපන්දිනය දා, ඇය තැබූ ආදරණීය ම සුබපැතුම…

”ඇතැම් දින ගෙවී යන තෙක් අපි බලා සිටින්නෙමු. එහෙත් ඇතැම් දින එළඹෙනා තෙක් අපි ඇඟිළි ගනින්නෙමු..
තුන්සිය හැටපස් දිනක් තිස්සේ උදාවන තෙක් මා ගැණ ගැණ සිටි දිනය අදයි..! අද ඔහු උපන් දායි.

මම මගේ ප්‍රේමයෙහි වපසරිය නොදනිමි.
අහස තෙක්ද, සාගරය තෙක්ද, සිතිජය තෙක්ද නොදනිමි. නොසොයමි.
මම විසල් පුරුෂයෙකුට ප්‍රේම කරමි. ගීතයක සුන්දරම තනුවක් තුළ සරමි.

අපේ චාරිකාව සමබරය. දුක් කරදර, අයස යසස අපට පුරුදුය. උපේක්ෂාවත් , සන්තෝෂයත් අපට ආගන්තුක නොවේ. අපි සිනාසෙන්නෙමු. දරා ගන්නෙමු. අපට ජීවිතය තිළිණයකි.

ආදර රත්නේ, මගේ ජීවන ගීතයේ රිද්මය මා හැඳින්නේ ඔබෙනි. මා යළි උපත ලැබුවේ ඔබෙනි. ඔබ මගේ දිවියේ ආලෝකයැයි, මා නිවහනයි, මා ප්‍රාණසම ප්‍රේමයයි. ඔබට සුබ උපන්දිනයක් !!”

උපුටාගැනීම : Hashini Ratnayake ෆේස්බුක් පිටුවෙන්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: