hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 22, පෙ.ව. 12:02



ඉතා වේගයෙන් ආසාදනය විය හැකි පෝලියෝ වෛරසයේ ප්‍රභේදයක් ගාසා තීරයෙන් හමු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ඊශ්‍රායල රසායනාගාරයකදී පරීක්ෂා කරන ලද ගාසා තීරයේ අපද්‍රව්‍ය සාම්පල වලින් දෙවන වර්ගයේ පෝලියෝ වයිරසය සොයා ගෙන ඇති බවයි.

ජුනි මස අවසානයේදී ප්‍රදේශ හයකින් වෛරසය සොයා ගත් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක ක්‍රිස්ටියන් ලින්ඩමියර් ප්‍රකාශ කර සිටියේ.

ගාසා තීරයේ බොහෝ සෞඛ්‍ය පහසුකම් විනාශ වීම, ජනගහනයේ දැනටමත් පවතින අවිනිශ්චිත තත්ත්වය සහ දුෂ්කර සනීපාරක්ෂක තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, එන්නත් කිරීමෙන් මෙම රෝගය තරමක් දුරට වළක්වා ගතහැකි බවයි වාර්තා වෙන්නේ.

අධික ලෙස බෝවන වෛරසය බොහෝ විට කාණු වලින් ඇතිවිය හැකි බවයි ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරන්නේ.

යුද්ධය හේතුවෙන් ගාසා තීරයේ අපද්‍රව්‍ය පද්ධතියේ කොටස් විනාශ වී ඇති අතර ඇතැම් ස්ථානවල විවෘත අපද්‍රව්‍ය තටාක ද නිර්මාණය වී තිබෙනවා.

ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගාසා තීරයේ යොදවා සිටින සියලුම සොල්දාදුවන්ට පෝලියෝ එන්නත් ලබා දෙන ලෙස නියෝග කර ඇති අතර දැනටමත් එන්නත් කර ඇති සොල්දාදුවන්ට බූස්ටර මාත්‍රාවක් ලැබිය යුතු බවයි රජය පෙන්වා දෙන්නේ.

හමාස් පාලනය යටතේ පවතින ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු ඇඟවූයේ සරණාගත කුඩාරම් අසල ඇති අපද්‍රව්‍යවල ඇති වෛරස් ” සෞඛ්‍ය ව්‍යසනයක් ඇති කළ හැකි බවයි.

එමෙන්ම මෙම වෛරසය ආසාදනය වුවහොත් එම පුද්ගලයින් අංගවිකල වීමට ඉඩ තිබෙන බව සඳහන්.

එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සි 1980 දී පෝලියෝ තුරන් කිරීම සඳහා ගෝලීය ව්‍යාපාරයක් ආරම්භ කළ අතර බොහෝ විට අපද්‍රව්‍ය සහ දුෂිත ජලය හරහා මෙම වෛරසය ව්‍යාප්ත වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: