hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 18, පෙ.ව. 12:04



ලස්සන මනාලියක සේ සැරසුණු ඇය අනුෂ්ක උදානගේ දෑතේ වෙලී පෝරුව මත සිටින වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍යවල ශීඝ්‍රයෙන් සංසරණය වන්නට විය. ඒ නිසා බොහෝ දෙනාගේ අවධානය ඇය වෙත යොමුවිය.

තවත් පසෙකින් ඇය යූටියුබ් හරහා ට්‍රෙන්ඩින් වන සුපුන් රත්නායකගේ “ලලයි ලිලයි ලයි” ටෙලි නිර්මාණයේ රන්සරණී ලෙසින් ද ජනප්‍රියත්වයේ ඉහළින්ම සිටින්නීය.

ඔහුගේම “තප්පරයක් දෙන්න” ටෙලි නිර්මාණය ඔස්සේ ද ඇය ජනප්‍රිය වූවාය.

ජනප්‍රියත්වයටම පමණක් සීමා නොවුණු ඇය සුදත් රෝහණගේ “මාණික්කාවත” ටෙලි නිර්මාණයේ රංගනය උදෙසා හොඳම නිළිය ලෙස ද සම්මානිත වූවාය.

වොල්ගා කල්පනී පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් ආදරය ගැන මෙසේ සඳහන් කළා.

“මං දකින විදිහට ආදරය කියන්නෙ තමන්ගෙ පාර්ට්නර් වෙනුවෙන් කරන කැපකිරීම. ඒ කෙනාගේ සතුට දිහා බලාගෙන ඒ කෙනා වෙනුවෙන් කැපවෙලා ජීවත් වෙන්න පුළුවන් ඒක තමයි හරිම ප්‍රේමය. මම දකින ප්‍රේමය නම් ඒක තමයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: