hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 ජූලි 26, ප.ව. 3:22



පසුගිය 08 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ක්ලබ් වසන්තගේ බිරිඳ වන මැණික් විජේවර්ධන තවමත් කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

මේ වන විට ඇය තරමක් දුරට යහපත් තත්ත්වයට පත්ව ඇති බවටයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටා තිබූ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ දී ක්ලබ් වසන්ත ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් දියත් කෙරුණා.

එහි දී ඔහු ඇතුළු තවත් අයෙක් මිය ගියා.

එමෙන් ම ක්ලබ් වසන්තගේ බිරිඳ සහ ජනප්‍රිය ගායන ශිල්පිනි කේ.සුජීවා ඇතුළු සිව් දෙනෙකු බරපතළ තුවාල ලැබූ අතර ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමටයි පියවර ගත්තේ.

කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු ඇයට සැත්කම් තුනක් සිදු කළ බව සඳහන්.

එහි දී ඇයගේ පපු ප්‍රදේශයේ තිබූ වෙඩි උණ්ඩ ශල්‍යකර්මයකින් ඉවත් කිරීමටයි වෛද්‍යවරුන් කටයුතු කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: