2024 අගෝස්තු 08, පෙ.ව. 12:01
තවමත් ඒ සිද්ධියට අදාල සැකකරුවන් නිදැල්ලේ.. මේ ඒ ගැන ඇසෙන කතාවක්..
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු (36) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා..
ඒ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශයේදීයි..
මේ අතර, ටැටූ ආයතනයේ හිමිකරු ඇතුළු සැකකරුවන් 10 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පසුගියදා (05) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා..
ඒ, අගෝස්තු 20 වැනිදා දක්වායි..
එමෙන්ම බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා, නීතිපති දෙපාර්තමේන්තුව සහ ඝාතනයට ලක් වූ ක්ලබ් වසන්ත නමැත්තාගේ පුත්‍රයා ද නීති කෘත්‍යය සඳහා අධිකරණ හමුවේ පෙනි සිටියා..
අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමක් අතරතුර ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය මස 08 වැනිදායි..
මෙම ඝාතන සැලසුම් කිරීම සහ අනුබල දීම යන චෝදනා යටතේ ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු සහ කාන්තාවක ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් පසුගිය 22 වැනිදා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා..
එහිදී ටැටු ව්‍යාපාරික දුලාන් සංජුල නමැත්තා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය හමුවේ රහස් ප්‍රකාශයක් ද කළා..
එදින කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළේ සැකකරුවන් අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි..
ඒ අනුව, දුලාන් සංජුල ඇතුළු සැකකරුවන් 10 දෙනා අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා..
2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:07
2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:06
2025 නොවැම්‍බර් 02, ප.ව. 8:17
2025 නොවැම්‍බර් 02, පෙ.ව. 12:08
2025 නොවැම්‍බර් 01, ප.ව. 4:24
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25