2024 ජූලි 09, පෙ.ව. 12:02
අතුරුගිරිය පොලිස් වසමේ ඊයේ පෙරවරුවේ සිදුකළ වෙඩි තැබීමෙන් මිය ගිය සහ තුවාල ලැබූවන් සම්බන්ධ තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූණා.
ඔවුන් වයස අවුරුදු 55 සහ 58 යන වයස්වල පසුවන කොළඹ 07 සහ අතුරුගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් දෙදෙනා අතර ප්‍රසිද්ධ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්ත ද වනවා.
වෙඩි ප්‍රහාරයට ලක් වී තුවාල ලැබූ අය අතර ජනප්‍රිය ගායිකා කේ.සුජීවා ද වනවා.
මෙම වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් සුදු පැහැති මෝටර් රථයකින් පැමිණ ඇති අතර හිස්වැසුම් පැළඳ මුඛ ආවරණ සහිතව පැමිණ ඇති බව සදහන්.
වෙඩික්කරුවන් විසින් ටී-56 වර්ගයේ ගිනි අවි 02ක් භාවිත කර වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිසිය වැපවසන්නේ.
මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ මෝටර් රථය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දී පොලිසිය විසින් අද දහවල් සොයාගෙන ඇති අතර සිද්දිය පිළිබදව පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
2026 ජනවාරි 01, පෙ.ව. 12:23
2026 ජනවාරි 01, පෙ.ව. 12:07
2026 ජනවාරි 01, පෙ.ව. 12:04
2025 දෙසැම්බර් 31, පෙ.ව. 12:12
2025 දෙසැම්බර් 30, පෙ.ව. 10:45
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25