2022 ඔක්‍තෝබර් 12, පෙ.ව. 9:15
මල් වට්ටියක් රුපියල් ලක්ෂ එකොළහකට, ගීතයත් රුපියල් 5000කට, පොල් ගෙඩි හාරදහසක් රුපියල් ලක්ෂ දෙකකට වෙන්දේසියේ අලෙවි වූ ඉතා දුර්ලබ අවස්ථාවක් දඹුල්ල කිරලැස්ස ග්‍රාමයෙන් අද (12) අලුයම් කාලය වන විට වාර්තා වෙනවා.
දඹුල්ල කිරලැස්ස පුෂ්පාරාම විහාරස්ථානයේ ධර්ම ශාලාවකට ආධාර ලබා ගැනීම සඳහා එහි තරුණ බෞද්ධ සමිතිය දින තුනක කාලයක් විහාරස්ථානයේ නාට්‍ය හා සල්පිල් වෙන්දේසි පිංකමක් සංවිධානය කොට තිබුණා.
මෙම නාට්‍ය මාලාවේ තුන්වැනි දිනය 11 වනදා රාත්‍රී විහාරස්ථාන භූමියේ දී මල් වට්ටි වෙන්දේසිය පොල් තොරන වෙන්දේසි කිරීම ආධුනික ගීත ප්‍රසංගය සහ විවිධ භාණ්ඩ වෙන්දේසි කිරීම නාට්‍ය සංදර්ශන 12 දින අලුයම දක්වා සිදු කෙරුණා.
මුලින්ම ආධුනික ගීත ප්‍රසංගය ආරම්භ කෙරුණු අතර එහිදී පැය හතරක පමණ කාලයක් එක දිගටම එක් පුද්ගලයෙකු රුපියල් පන්දහසක මුදලක් ලබාදී එක ගීතයක් ගායනා කිරීම සිදු කෙරි තිබෙනවා.
දෙවනුව පින්කම් මාලාවේ මල්වට්ටි වෙන්දේසිය ආරම්භ කෙරුණා.
මල්වට්ටි වෙන්දේසිය ප්‍රවීණ විරිදු හා හිටවන කවි ශිල්පී වයි. එම්.එස්. බණ්ඩාර මහතා විසින් මෙහෙය වන්නට වී තිබෙනවා.
අලංකාරව සූදානම් කර තිබූ මල් වට්ටිය පැය හතරක පමණ කාලයක් එකිනෙකා අතරේ විවිධ මිල ගණන් යටතේ බුදු පුදට වෙන්දේසියෙ තක්සේරු කරන්නට විරිඳු ගායන ශිල්පියා දැඩි උනන්දුවක් කරවන්නට වූ අතර පැමිණ සිටි අති විශාල ජනතාව අතරේ කණ්ඩායම් බෙදී මල් වට්ටියට ලන්සු තබන තරගකාරී තත්ත්වයට පත් කෙරි තිබෙනවා.
ඒ අනුව මල් වට්ටිය අවසානයේදී දසලක්ෂ පනස් දහසක මුදලකට ප්‍රදේශයේ පදිංචි අයියා මලෝ තිදෙනෙකු වන ප්‍රියන්ත බණ්ඩාර, ශාන්ත බණ්ඩාර, .පද්ම නිමල් බණ්ඩාර යන තිදෙනා විසින් අවසන් ලංසුව තබා හිමිකර ගැනීම සිදු වුණා.
ලංකා ඉතිහාසයේ පළමු වතාවට මල් වට්ටියක් රුපියල් ලක්ෂ 10 ඉක්මවා වෙන්දේසි වූ පළමු අවස්ථාව මෙය බව ප්‍රවීණ විරිඳු ශිල්පී වයි.එම්.එස්. බණ්ඩාර මහතා සදහන් කළ අතර ලක්ෂ 10 ක මුදල ප්‍රකාශයට පත් කරනවාත් සමග කවි ගායනා කරමින් සිටි ඒ මහතා එක වැරම අසනීප තත්ත්වයක් ඇති වී ඔහු පපුව අල්ලාගෙන එම ස්ථානයෙන් ඉවත්ව යෑම විශේෂත්වයක්.
එමෙන්ම වැඩසටහන් මෙහෙයවමින් සිටී නිවේදක එස්.වත්තේගෙදර මහතා තවත් පිරිසක් එක්ව රුපියල් පනස් දහසක මුදලක් මල් වට්ටියට එකතු කොට එය ලක්ෂ 11ක තක්සේරුවක් බවට පත්කරමින් අයියා මලෝ තිදෙනා හට මල් වට්ටිය විහාරාධිපති දේවහුවේ සුගුනසාර හිමි අතින් භාර දීමෙන් අනතුරුව පන්සල් භූමියේ පිහිටි බුදු පිලළිමයට පූජා කිරීම සිදු වුණා.
මේ අතර ලෙලි සහිත ගෙඩි 4000 කට ආසන්න පොල් තොරණ වෙන්දේසි කරන්නට සැලසුම් කොට තිබුණා.
අලුයම් කාලය වන විට එම පොල් තොරන රුපියල් දෙලක්ෂ දස දහසක මුදලකට වෙන්දෙසියේ අලෙවි වී තිබෙනවා..
ඩී.එම්.ගාමිණි කුලතුග මහතාගේ රජරට ස්වර්ණමාලි කලා සන්සදය ඉදිරිපත් ඉදිරිපත් කල කරනම් දර්ශන හා නාට්‍ය රග දැක්වීමෙන් නිමාවට පත් වී තිබෙනවා.
දඹුල්ල – කාංචන කුමාර ආරියදාස සහ නාවුල – ඉන්දික අරුණ කුමාර
2025 මාර්තු 26, පෙ.ව. 12:24
2025 මාර්තු 26, පෙ.ව. 12:07
2025 මාර්තු 25, පෙ.ව. 12:27
2025 මාර්තු 25, පෙ.ව. 12:21
2025 මාර්තු 24, පෙ.ව. 12:09