hit counter

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2023 අගෝස්‍තු 31, පෙ.ව. 11:42



පැය 24ක් අඛණ්ඩව නර්තයේ යෙදෙමින් ඉන්දියාවෙන් ක්‍රියාත්මක කරන චෝලන් ලෝක වාර්තා පොතට එක්විමට වතුකරයේ තරුණයන් 07 දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙකු අද (31) සමත් වුණා.

හපුතලේ, ලිදුල මෙරායා, ආගරපතන, මිගමුව සහ ඩයගම යන ප්‍රදේශවල පදිංචි මෙම තරුණ තරුණියන් පිරිස වයස අවු 16 – 26 වයස් කාණ්ඩ වල පසුවන අය අතර, එම 09 දෙනා හැටන් ප්‍රදේශයේ නර්තන පුහුණු ආයතනයක පුහුණුව ලැබු පිරිසක් බවයි එම වාර්තාව පිහිටුවිම සංවිධානය කළ පිරිස කියා සිටියේ.

චෝලන් ලෝක වාර්තා පොතේ මෙරට නියෝජිත සි. නාගවාණි රාජා මහතාගේ අධික්ෂණය යටතේ ඊයේ (30) දින උදෑසන 8.00 සිට අද (31) උදෑසන 8.00 දක්වා පැය 24 ක කාලයක් හැටන් ඩන්බාර් ක්‍රිඩාංගණයේ ක්‍රිඩා සංකිර්ණයේ එම තරුණ තරුණියන් පිරිස සිය නර්තනයන් ඉදිරිපත් කරනු ලැබුවා.

නර්තනයේ යෙදි සිටි තරුණ තරුණියන්ට කොටස් වශයෙන් විවේක ගැනිමට සහ ආහාර අනුභව කිරිමට සුළු විවේක කාලයක් ලබාදිමට චෝලන් අධික්ෂණ කමිටුවේ නිලධාරින් විසින් කටයුතු කෙරුණා.

වතුකරයේ තරුණ තරුණියන් 09 දෙනෙකු නර්තයෙන් පිහිටවු ලෝක වාර්තාව පිහිටුවිම දැක බලා ගැනිමට එම තරුණ තරුණියන්ගේ ඥාතින් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: