hit counter

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා

2026 පෙබරවාරි 22, ප.ව. 1:04



ලෝකයම ආදරය කරන ශ්‍රී ලාංකික ගායිකාව යොහානි ද සිල්වා මේ වෙලාවේ සමාජ මාධ්‍යවල දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

ඇය සිය නිල ෆේස්බුක් පිටුවට එක්කර ඇති සටහනක් හේතුවෙන් රසිකයින්ගේ අවධානය යොමු වී තිබෙනවා.

යොහානි එහි සඳහන් කර තිබුණේ,

“පුංචි සැත්කමක් කළා. මගේ කටේ මැහුම් තියෙනවා. දැක්කොත් කලබල වෙන්න (freak out) එපා! මගේ සුවදුක් විමසලා පණිවිඩ එවපු හැමෝටම ගොඩක් ස්තූතියි. මම දැන් ගොඩක් සුවෙන් ඉන්නවා!”

මෙම සටහන සමඟ ඇය තම මුහුණේ තිබෙන මැහුම් පෙන්වා තිබුණා.

එය දැක රසිකයින් දහස් ගණනක් ඇයට ඉක්මන් සුවය පතා අදහස් දක්වා තිබෙනවා. බොහෝ දෙනෙක් ඇයට මොකද වුණේ කියලා විමසා තිබුණත්, යොහානි පැහැදිලි කර තිබෙන්නේ එය ඉතා කුඩා ශල්‍යකර්මයක් (minor surgery) බවයි. ඇය දැනට සෞඛ්‍ය සම්පන්නව හොඳින් සිටින බවත් තහවුරු කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: