hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 ජනවාරි 18, පෙ.ව. 12:00



යොහානි ද සිල්වා විසින් ගායනා කළ මැණිකේ මගේ හිතේ ගීතය  ඉතා කෙටි කාලයක් තුළ බොලිවුඩය පුරා රැව්පිළි රැව් දුන් ගීතයක් බවට පත් වුණා.

මේ වන විට එම ගීතයේ හින්දි අනුවර්තනය නවතම බොලිවුඩ් චිත්‍රපටයකට යොදා ගෙන තිබෙනවා.

එය අද නව මානයකට පිවිසුණේ එම ගීතයේ හින්දි අනුවර්තනය නවතම බොලිවුඩ් චිත්‍රපටයකට යොදා ගැනීමත් සමඟයි.

යොහානිද සිල්වා විසින් ගීතයක් ගායනය කරන අතරතුර රැප් කිරීමේදී එකතු කරන ලද වචන කිහිපයක් හේතුවෙන් සංවාදයක් ඇතිවී තිබෙනවා.

‘සත්‍ය නොවේද දිග මදි ශිෂ්ණය’ ඇය එහිදී ගීතය අතරමැද රැප් කිරීමක් සිදු කරයි.

සමාජ ජාල වල ඒ සම්බන්ධයෙන් උණුසුම් වාද විවාද ඇති වී තිබෙනවා.

ඊටත් අමතරව මේ ගීතයේ වචන නිසා මේ යොහානිට මේ දිනවල ලැබෙන්නේ එතරම් හොඳ ප්‍රතිචාරයක් නම් නෙවෙයි.

හැබැයි මේ ගීතයේ අර්ථය සමාජ ජාලාහී පළකර තිබුනා.

අරුංගල් නෙරියේ විද කෙල්ල
ඇඟිලි නිය රත්පැහැ කෙල්ල
අසිත රේඛා නෙත් කෙල්ල
හීන් හඬ හැඩ ශෝබන කෙල්ල

පන්සිළු සේ රඟ යෙදි කෙල්ල
පුළුලුකුල පැද්දේ කෙල්ල
තුසිත සිත් මං මත් වේ කෙල්ල
ශෘංගාර වෘත්තාන්ත සෘතුවේ තොස් වී
ඈ මා වේ මාවේ මාවේ වී ////

රස මනින විවිධ පිළිකුල අතර
මැද ඇලුණු නෙත
පනින පනින තිරවල යස
හරය විනය නැති විස පිරිවර
අසහනයට පිළිවල සිත පැරදුණ
මස අගට ලැබෙන දත්ත සූත්ත්‍ර
මත යැපුණු
හිස මුටට ලියන අර්ථකථන මට දොඩනු
සහ ගහන බසට අන්තර්ජාලයෙ මුහුණු
අසම්මතය මමද ව්‍යර්ථ කරුණු නොදැක්වූ
රම්‍ය මදිද කඳ සහ ලක්ෂණ
සත්‍ය නොවෙද දිග මදි ශිෂ්ණය
සීඝ්‍ර වුණෙද ශ්..!!! විසර්ජන
ශ්වේත රෙද්දෙ මන්ද අමන රුධිර පරීක්ෂණ

අර්ථය

“බුරිය විදපු, නියපොතු රතු පාට ගාපු, කළු පාට ඇස් තියෙන සිහින් හඬක් තියෙන හැඩකාර ලස්සන කෙල්ල”

“රඟන විට පංචසිකගේ වීණාව මෙන් උකුල පැද්දෙන,
ශෘංගාර වූ කතා ඇසී දෙවියන්ගේද සිත් සතුටින් මත්කරවන,
ඇය මමයි..”

“එක එකාගේ ඇසින් මාව මනිමින් පිළිකුල් කරමින්,
සිත් දූෂණය වුණ හරයක් විනයක් නැති අසහනකාරී විෂ මිනිස්සු,
මාසෙ අන්තිමට ලැබෙන ඩේටා පැකේජ් එකෙන් ෆෝන් වලින් බලමින්,
ෆේස් බුක් එකේ හිස් මොට්ටයින් මට කියන සහගහන කතන්දර වලට පිළිතුරු නොදෙන නිසා මම සම්මතයෙහි නැති කෙනෙක්ද?
ඇයි මගේ ශරීරය සහ ලස්සන උඹලට රම්‍ය මදිද?
උඹේ ශිෂ්ණය දික් වෙන්නෙ නැද්ද?
ඇයි ක්ෂණික මෝචනයද?
සුදු රෙද්දෙ ගෑවුණු ලේ හොය හොය යන්නෙ උඹ පත්තිනි අම්මද?”

ප. ලි. –
සමාජය විසින් ෆේස් බුක් හරහා තමන්ට කළ Body shaming සහ Bulling ඉවසා දරාගෙන සිටි කෙල්ලක් (යොහානි) විසින් තමන්ට ගැසූ ගල් වලින්ම ගෙයක් සාදා ගීතයක් හරහාම එසේ අමන කතා කී උන්ට කණ පැලෙන්න දුන් පිළිතුර “කෙල්ල” නම් ගීතයයි.
(උපුටා ගැනීම ෆේස්බුක් සමාජ ජාලා)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: