hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

ගාසා හි සටන් විරාමයක් පිළිබඳ එකඟතාවයකට පැමිණීම ආසන්න බව හමාස් ප්‍රධානී ඉස්මයිල් හනියේ පවසනවා.

මේ සඳහා මැදිහත්කරුවන් ලෙස කටයුතු කරන කටාර් රාජ්‍යයෙහි නිලධාරීන් වෙත සිය ඉල්ලීම් පිළිබඳ අවසන් කරුණු දැන්වූ බව ඔහු සිය ටෙලිග්‍රෑම් ගිණුමේ සඳහන් කළා.

හනියේ මෙම ප්‍රකාශය කළේ පලස්තීන ඉස්ලාමික් ජිහාඩ් හි මහලේකම් සියාද් අල්-නකාලා, තමන් සහ හනියේ අතර මේ පිළිබඳ අදහස් හුවමාරු වූ බව හෙළිකිරීමෙන් අනතුරුවයි.

ඊශ්‍රායල මාධ්‍ය ද දෙපාර්ශවය අතර සිරකරුවන් නිදහස් කිරීමේ එකඟතාවයක් පිළිබඳ වාර්තා කර තිබුණා.

හමාස් සංවිධානයෙහි භාරයේ සිටින ප්‍රාණ​ඇපකරුවන්, ඊශ්‍රායලය භාරයේ සිටින පලස්තීන සිරකරුවන් සහ ගාසා තීරයට අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ යැවීම පිළිබඳ කරුණු දෙපාර්ශවය අතර එකඟතාවයෙහි සැලකා බැලෙන බවයි වාර්තා වන්නේ.